Saturday 15 June 2013

කොස්ගොඩ තරුණිය යකඩ යකාට බ්ලි වෙයි ඇයගේ මව ලොරියකට පැන සියදිවිනසාගෙන

සිය දියණිය දුම්රිය හැපී මියගිය නිසාවෙන් කණස්සලට පත්ව සිටි මවක් ලොරියකට පැන සියදිවිනසාගෙන ඇති බව වාර්තාවේ.

ඊයේ පස්වරුවේදී ඉඳුරුව අතුරුවැල්ල ප්‍රදේශයේදී මාතර සිට කොළඹ දක්වා ධාවනයවූ දුම්රියේ හැපීමෙන් 22 හැවිරිදි තරුණියක් මියගොස් තිබූ අතර ඇය වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පැවසෙන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තර ලබාගැනීම වෙනුවෙන් ඇයගේ මව ඇතුළු පිරිසක් අද කොස්ගොඩ පොලීසියට පැමිණ තිබූ අතර එම අවස්ථාවේදීයි ඇය ලොරියකට පැන සියදිවිනසාගෙන ඇත්තේ. ඇයගේ දේහය බලපිටිය මූලික රෝහලේ තැන්පත් කර ඇති බවයි වාර්තාවන්නේ.

No comments:

Post a Comment