එංගලන්තයට රැගෙන ගොස් දැනට වසරයි
කූරගල ප්‍රදේශයේ සිදු කරන කැණීම්වලින් ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයන් පිළිබඳ බොහෝ තොරතුරු හමුවීමත් සමගම බලංගොඩ මානවයා පිළිබඳ යළිත් ජනතා අවධානය යොමුව ඇත. ලෝක මානව වංශ කතාවේ ලාංකේය අනන්‍යතාව වසර 37000ක් තරම් ඉහළින් රැඳ වූ බලංගොඩ මානවයාගේ ඥාතීන්ගේ පොසිල බවට පත් අස්ථි කොටස් පාහියන්ගල,/බටදොඹලෙන ආදී ප්‍රාග් මානව ජනාවාසවලින් විටෙන් විට හමුවී ඇත. අදින් වසරකට පමණ පෙර බුලත්සිංහල පාහියන්ගල ගල්ලෙනෙන් හමුවූ පූර්ණ මිනිස් ඇටසැකිල්ල මේ අතරින් විශේෂ තැනක් ගනී.
පුරාවිද්‍යා නිලධාරින් විසින් සිදු කරන්නට යෙදුන අසීරු කැණීම් ක්‍රියාවලියකින් පසු පාහියන්ගලින් මතු කරගත් බලංගොඩ මානවයන් ආදිතම ඥාතිවරියගේ ඇටසැකිල්ල වැඩිදුර පර්යේෂණ සඳහා බ්‍රිතාන්‍යයට රැගෙන ගොස් වසරකට ආසන්නය.
මේ මොහොතේ එම මානව පොසිලය මෙන්ම ඒ පිළිබඳව සිදු කෙරෙන
පර්යේෂණද ජනතා අවධානයෙන් ගිලිහී ගොස් ඇත. කූරගල කැණීම් හමුවේ බලංගොඩ මානවයා යළිත් කරළියට පැමිණෙමින් සිටිනා යුගයක වසර 37000ක් පාහියන්ගල පස් තට්ටුවක් යට සුව නින්දේ සිට දැන් බ්‍රිතාන්‍යයේ කාලනිර්ණ පර්යේෂණයන්ට ලක්වෙමින් සිටිනා අප ආදිතම ඥාතිවරිය ගැන විමසා බැලීම යෝග්‍ය බව හැඟේ.
මේ පිළිබඳව අප මුළුමනින්ම කරුණු විමසා බැලුවේ පාහියන්ගල විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය මාතර ආනන්ද සාගර (පුරාවිද්‍යා ශාස්ත්‍රපති) හිමියන් වෙතිනි. උන්වහන්සේ පවසා සිටින ආකාරයට ශ්‍රී ලංකාවේ හමු වූ ප්‍රාග් ඓතිහාසික පොසිල අතරින් මෙම කාන්තා ඇටසැකිල්ල විශේෂ තැනක් ගනී.
එමෙන්ම මෙම පොසිලය ඔස්සේ මෙතුවක් අනාවරණය නොවූ බොහෝ කරුණු අනාවරණය කරගැනීමට මෙන්ම ලාංකිකයා ලක් පොළොවට ඇති සබැඳියාවන් ජාන විද්‍යාත්මකව නිරාකරණය කර ගැනීමටද හැකිවනු ඇත. නමුත් මෙම පොසිලය වැඩිදුර
පර්යේෂණ සඳහා බ්‍රිතාන්‍යයට රැගෙන යෑමත් ඉන් පසුව ඇතිව තිබෙන්නා වූ තත්ත්වයන් පිළිබඳවත් උන්වහන්සේ පවසා සිටිනුයේ මෙබඳු අදහසකි.
“ඔය ඇටසැකිල්ල මතු කරගන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහත්වරු විශාල වෙහෙසක් ගත්තා. ඒත් සම්පූර්ණ ඇටසැකිල්ල ඉවත් කර ගත්තේ බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්යවරයකු වන මානව පුරාවිද්‍යාඥ ස්ටොක් මහතාගේ සහභාගිත්වයෙන්. මෙම ඇටසැකිල්ල පිළිබඳව වැඩිදුර පර්යේෂණ සඳහා බ්‍රිතාන්‍යයට අරගෙන ගියේ පසුගිය ජූලි මාසයේදී. ඊට පස්සේ සිදුවුණ කිසිම දෙයක් අපි නං දන්නේ නෑ.මාස 10ක් ගත වෙලත් තවමත් ඒ ගැන වාර්තාවක් නෑ. ඒ නිසා මේ පිළිබඳව යම් සැකයක් ඇති වී තිබෙනවා.”
ඊට අමතරව උන්වහන්සේ මෙබඳු අදහසක්ද පළ කර සිටී.
“පර්යේෂණ සඳහා ඇටසැකිල්ල විදේශ රටකට අරන් යෑම ගැන අපිට විරුද්ධ වන්න බෑ. ඒත් මේක අරන් ගියේ නිසි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයකටද කියන සැකය අපට තියෙනවා. ඊට අමතරව දැන් සිදුකරගෙන යන පර්යේෂණවලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දායකත්වය කෙලෙසදැයි අපි දන්නේ නෑ. මේ
පරීක්ෂණ සඳහා ලාංකික පුරාවිද්‍යාඥයන්ගේ දායකත්වය නිසි පරිදි නොලැබෙයි නම් අවසන් ප්‍රතිඵලය ගැටලු සහගත වුුවහොත් එහි වගකීම දරනුයේ කවුරුන්ද?”
උන්වහන්සේ ප්‍රශ්න කරති. අපේ වගේ රටවල ඉතිහාසය යටපත් කරන්නට වගේම නැති ඉතිහාසයක් මිලදී ගන්නටත් බටහිර රටවල් උත්සාහ ගන්නා බව උන්වහන්සේ පවසති.
“මේ පොසිලය මගින් බලංගොඩ මානවයා සහ ලංකාවේ ආදි වාසී වැදි ජනතාව අතර ඥාතිත්වය තහවුරු කර එමගින් ලාංකිකයන්ට ලක්දිවට ඇති උරුමයට අභියෝග කරනා බලවේගවලට හොඳ පිළිතුරක් ලබා දිය හැකි බවත් එනිසාම මෙම පොසිලය පිළිබඳව කෙරෙන පරියේෂණ අප හිතනවාට වඩා ජාතික වශයෙන් වැදගත් බවත් උන්වහන්සේ පවසති.
අපේ ඉල්ලීම වුණේ සම්පූර්ණ පොසිලය ඉවත් නොකර පර්යේෂණ නියැදි ලෙස කොටස් කීපයක් පමණක් ඉවත් කරගන්නා ලෙසයි. එහෙම වුණා නම් පොසිලය තිබූ ස්ථානයේම
සංරක්ෂණය කරන්න තිබුණු බවද ආනන්ද සාගර හිමියෝ පවසති.
1960 සහ 1980 දශකවලත් පාහියන්ගල ගල් ලෙනේ විවිධ කැණීම් සිදුකළ බවත්, ඒවායෙන්ද මානව අස්ථි කොටස් සහ හිස්කබල් කිහිපයක් ලැබුණ බවත් උන්වහන්සේ පවසති.
“ඒ අස්ථි කොටස් තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගබඩාවල බව ආරංචියි. එම පොසිලවල සංරක්ෂණය ගැනත් අවධානය යොමු විය යුතුබවද ආනන්ද සාගර හිමියෝ පවසති.
කැණීම් කරන කාලයේදී ගල්ලෙන අවට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව පවා ලබා දී තිබුණු බව පවසන උන්වහන්සේ වර්තමානයේ ‘කැණීම්වලට” කිසිදු ආරක්ෂාවක් නැති බවද පවසති.
“ගල්ලෙන බලන්න විශාල පිරිස් තාමත් එනවා. ඒ එන අය කරන දේවල් අපිට වළකන්න අමාරුයි.” ආරක්ෂාව සපයන එක කෙසේ වෙතත් “ඇතුළුවීම තහනම්” කියලා බෝර්ඩ් එකක්වත් සවි කරන්න දෙපාර්තමේන්තුවට බැරි වීම නං කනගාටුදායකයි. අනෙක මේ පොසිලය බලංගොඩ මානවයා කියලා නම් කරනවාට වඩා පාහියන්ගල හෝ බුලත්සිංහල අනන්‍යතාවය මතුවන ලෙස නම් කරන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා. පොසිලයක් සොයා ගත් බිමේ නමින් එය නම් කිරීම සාධාරණ බව අපේ හැඟීමයි. ජර්මනියේ “නියැන්ඩතාල් මානවයා” සහ “චීනයේ පිකිං මිනිසා” එලෙස පොසිල සොයාගත් බිමේ නමින් නම් කළ මානවයන් බව උන්වහන්සේ පවසති.
මේ කරුණු පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදහස දැනගනු වස් අප පුරාවිද්‍යා අධ්‍යක්ෂ (කැණීම්) ආචාර්ය නිමල් පෙරේරා මහතා දුරකථන මගින් සම්බන්ධ කර ගතිමු.
මෙම පොසිලය වැඩිදුර
පර්යේෂණ සඳහා බ්‍රිතාන්‍යයට රැගෙන යෑම පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයන්ට යටත්ව සිදු වූ බව ඒ මහතා අවධාරණය කරයි. ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතර අත්සන් කෙරෙන “සහයෝගිතා පර්යේෂණ ව්‍යාපෘති ගිවිසුමකට” අනුව මෙම පොසිලය බ්‍රිතාන්‍යයට යැවූ බව පවසන නිමල් පෙරේරා මහතා පර්යේෂණවලට පෙර මෙකී පොසිලයේ සංරක්ෂණ සහ තහවුරු කිරීම් සිදුකළ යුතු වූ බවද පවසයි.
වසර 37000ක් වැනි දිගු කාලයක් පස් යට තිබූ මෙම පොසිලය සාමාන්‍ය වායුගෝලීය තත්ත්වයන්ට නිරාවරණය වීමත් සමගම සිදු වූ රසායනික ප්‍රතික්‍රියා නිසා එහි දිරා යෑම ඉක්මන් වූ බව පවසන නිමල් පෙරේරා මහතා එය සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කරයි.
කොටසක් වෙනුවට මුළු පොසිලයම බ්‍රිතාන්‍යට රැගෙන යෑම පිළිබඳ ඒ මහතා දක්වනුයේ මෙබඳු අදහසකි. “පොසිලයේ කාල නිර්ණයන්ට අමතරව ජානවිද්‍යාත්මක විශ්‍ලේෂණයන්ද කළ යුතු වූ බැවින්ද පොසිලයේ සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය බැවින්ද සමස්ත පොසිලයම බ්‍රිතාන්‍යයට රැගෙන යෑම අනිවාර්ය වූ බවයි.” අවශ්‍ය අවස්ථාවල දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද පර්යේෂණවලට දායක වන බවත්, පොසිලය අහිමි වීමේ හෝ වැරදි වාර්තාවක් ලැබිමේ ඉඩකඩක්් නැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
මේ පිළිබඳ වාර්තාවක් ලැබිමට ගතවන කාලය අප ඔහුගෙන් විමසා සිටියෙමු. මූලික වාර්තාවක් ඉදිරි මාස හයක කාලය තුළ ලැබෙනු ඇති බවත්, ජාන විද්‍යාත්මක සහ කාල නිර්ණ තොරතුරු සහිත සවිස්තර වාර්තාවක් සඳහා වසරකට වැඩි කාලයක් ගත වියහැකි බවත් එවැනි වාර්තාවක් මගින් ලාංකික මානව වංශයේ බොහෝ ගැටලු නිරාකරණය වනු ඇති බවත් ඒ මහතා පැවැසීය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
No comments:
Post a Comment