මෙම විරෝධතාවය සන්සුන්ව අධිකරණයේ කටයුතු වලට බාධාවක් නොවන ලෙස පවත්වන ලෙස අධිකරණය අවට ආරක්ෂක කටයුතු වල නිරතව සිටි පොලිස් නිළධාරීන් උද්ඝෝෂණයට පැමිණ සිටි ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේය.ඒ අනුව නිහඩ විරෝධතාවයක් අධිකරණය ඉදිරිපිට පැවැත්වුණි.
මෙහිදී වැඩිදුරටත් මාධ්‍යයන් වෙත අදහස් දැක්වු ජෝෂප් ස්ටාර්ලින් මහතා මෙසේද පැවසීය.
“වර්තමානයේ සිදුවන්නේ අපි නොසිතූ දේවල්. පාසල් ගුරුවරියක්ව ඇයගේ පාසල තුළ දණ ගස්වා ඇත්තේ වයඹ පළාතේ අධ්‍යාපනය බාර අධීක්ෂණ මන්ත්‍රීවරයෙක්. අධීක්ෂණ මන්ත්‍රීවරයෙකුගේ තත්ත්වය මෙසේ නම් සෙසු අයගේ තත්ත්වය සිතා ගත හැකියි. මෙම තත්ත්වයට විරෝධය පා අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කළා.


ගුරු සේවා සංගමයේ ලේකම් වරයා විසින් කරන ලද චෝදනාව සම්බන්ධයෙන් පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලයෙන් අපි විමසා සිටියෙමු.නමුත් කිසිදු නිළධාරියෙකු කිසිදු පාසලක ගුරුවරුන්ව බලහත්කාරයෙන් නවත්වා ගෙන නොමැති බව එහි සිටි නිළදාරියෙකු පැවසීය.

No comments:
Post a Comment