Wednesday 5 June 2013

හම්බන්තොට කුඹුරු අක්කර 84,000 පොහොර ලැබී නැහැ

වීරවිල, ලුණුගම්වෙහෙර, තිස්සමහාරාම ප්‍රදේශයන්හි මෙවර මාස් කන්නය සඳහා කුඹුරු අක්කර 84,000 ට ආසන්න ප්‍රමාණයක් වගාකර ඇතත් අවශ්‍ය පොහොර නිසි වේලාවට නොලැබීම නිසා ගොවීහු දැඩි අපහසුතාවයකට පත්ව ඇති බැව් කිරිඳි ඔය, ඇල්ලගල උප කමිටු ගොවි සංවිධානයේ සභාපති උපාලිඅරඹගේ මහතා කියයි.

 තිස්සමහාරාම පුරාණ වාරියෝජනා ක්‍රමය වන ඇල්ලගල පද්ධතියට අයත් වැව් 05 යටතේ කුඹුරු අක්කර 11,000 පමණ ද, ලුණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර 13,000 පමණ ප්‍රමාණයක මේවන විට වී වගාකර ඇත. මේ වගාවන් සඳහා අවශ්‍ය යූරියා පොහොර තොග කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට අදාල අලෙවි මධ්‍යස්ථාන වෙත මෙතෙක් නොලැබී ඇති අතර පෞද්ගලික වෙළඳ පොළේහි දී පොහොර හිඟයක් ඇත.

No comments:

Post a Comment