වර්ෂ 1724 ඔක්. 21 දින සිට 1776 අප්‍රේල් 22 දින දක්වා වසර පනස් දෙකක් මේ රජු කොරියාවේ රජ කර ඇත. සමාජයේ පහළ පන්තිය නියෝජනය කළ මවකගෙන් බිහි වුවද මෙම රජුගේ උදාර ක්‍රියා කලාපය නිසා ඔහු රටවැසියන්ගේ ඉමහත් ආදර ගෞරව
යට ලක්ව තිබේ. ඉතිහාස කතාවට අනුව ගුම් කුමරුගේ උපතින් පසු දොංයි බිසවට අන්තඃපුරයෙහි ඉහළ තනතුරක් හිමි වේ. ගුම් කුමරු පිළිබඳව ඉතිහාසයේ සඳහන් වුණත් දොංයි බිසවට මුලින් ලැබුණු පුත් කුමරකු මිය ගිය පුවතක් ඓතිහාසික කතාවේ දැක්වෙන්නේ නැත. එවැනි මියගිය බිලිදු කුමරකු පිළිබඳව ඉතිහාසයෙහි සඳහන් නොවීම පුදුමයට කරුණකුත් නොවේ. ඒ අනුව දොංයි කොරියානු ටෙලි නාට්‍යයේ රචකයා මෙය අප්‍රකට මූලාශ්‍රයකින් හෝ ජනශ්‍රැතියකින් උපුටා ගත්තේද, නැතහොත් කතාවේ විචිත්‍රවත් බව උදෙසා වුවමනාවෙන් එවැන්නක් ඇතුළත් කළේ ද යන්න අප දන්නේ නැත. කෙසේ වුවද කොරියාව, ජපානය වැනි මෑත යුගයේ තාක්ෂණික අතින් ඉතා දියුණුවට පත් වූ රටවල් තම ටෙලි නාට්‍ය චිත්‍රපට ආදියෙන් ප්‍රබල අභීත චරිත මිස දුබල පරාජිත චරිත හුවා දක්වන්නේ නැත. ඒ මේවා නරඹන ජනතාවගේ සිත් සතන් තුළට ධනාත්මක සිතුවිලි ඇති කිරීමේ අරමුණ රටේ සෑම වැසියකු තුළම නිරන්තරයෙන් පවතින බැවිනි.


No comments:
Post a Comment