Saturday 1 June 2013

පොළොව ගැඹුරේ වටිනාදෑ සොයන යන්ත්‍රයක් අල්ලයි


පොළොවේ අඩි සියයක් පමණ ගැඹුරේ පවතින දෙයක් වුවද බලා ගැනීමට හැකියාව තිබෙන ඇමරිකාවේ නිෂ්පාදිත රැහන් රහිත ස්කෑන් යන්ත්‍රයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ මෙරට භාවිතා කිරීම තහනම් මෙවැනි ස්කෑන් යන්ත්‍රයක් මෙරටින් සොයාගත් පළමු අවස්ථාව මෙය බවයි.
මෙම යන්ත්‍රය ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී තිබේ.
වාර්තා වන ආකාරයට මෙවැනි ස්කෑන් යන්ත්‍ර භාවිතා කරන්නේ පොලොවේ තිබෙන වටිනා දේ හඳුනා ගනිමින් ඒවා ලබාගැනීම සඳහායි.
ඡායාරූපයේ දැක්වෙන්නේ එම ස්කෑන් යන්ත්‍රයයි.
ඡායාරූප අනුග්‍රහය - ඩේලි මිරර් පුවත්පත

No comments:

Post a Comment