Wednesday 19 June 2013

අවමගුල් ‍ගෙදරකදී විසි අටක් මැරෙති

මර්දාන්(mardan)දිස්ත්‍රික්කයේ ෂර්ගාර් නගරයේ පැවැත් වූ අවමංගල්‍ය උත්සවයකට එල්ලවූ මරාගෙන මැරෙන ‍බෝම්බ ප්‍රහාරයකින් විසිඅටදෙනෙකු මියගොස් තවත් පනස්හත් දෙනෙකු තුවාල ලැබූ බව වාර්ථා වේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් විසින් හෝ භාරගෙන නොමැති අතර ඉන් මියගියවුන් අතර ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි පක්ෂයේ පාර්ලිමේන්තු සාමාජිකයෙකුද වන බැව් කියවුණද ප්‍රහාරය ඔහු ඉලක්ක කර ගනිමින් සිදුවූවක්ද යන්න පැහැදිළි වී නොමැත. ව්‍යාපාරිකයෙකුගේ අවමංගල්‍ය උත්සවයකදී සිදුවූ මෙම ප්‍රහාරය පාකිස්ථානයේ නව අගමැතිවරයා ලෙස නවාස් ෂෙරිෆ් පත්වීමෙන් පසුව සිදුවූ දරුණුම ප්‍රහාරය ලෙස සැලකේ.

No comments:

Post a Comment