Thursday 20 June 2013

ෂාරුක් සමග උපන් දිනය සැමරූ ලංකාවේ ශිරාණි


සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට ලෝකය පුරාම රසික රසිකාවියන් සිටින බව නොරහසකි. නමුත්, මේ පුවත අපට සුවිශේෂී වන්නේ ඔහු ශ්‍රී ලංකාවේ රසිකාවියකගේ උපන් දිනය සැමරීම සඳහා එක්වීම නිසාවෙනි.
“ද හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත“ වාර්තා කරන පරිදි සිද්ධිය මෙසේයි.
මෙහි කතා නායිකාව වන ශිරාණි සමරසේකර පසුවන්නේ 70 වන වියේයි. කෙසේවෙතත්, ඇය වසර 15 ක් තිසේසේ ෂාරුක්ගේ ළබැඳි රසිකාවියක වන්නීය.
මේ නිසා, ඇය ෂාරුක් රඟපාන චිත්‍රපට දෙතුන් වතාවක් නැරඹීමත් පුරුද්දක් කරගෙන තිබේ.
ෂාරුක් පිළිබඳව සිය මව තුළ ඇති කැමැත්ත අවබෝධ කරගෙන තිබෙන ඇයගේ පුතු සිය මවගේ 70 වන උපන් දිනයට කදිම තෑග්ගක් ලබාදීමට කටයුතු කර තිබේ.
එනම්, ෂාරුක් සමග එක්ව උපන් දිනය සැමරීමට අවස්ථාව ලබාදීමයි.
වාර්තා වන ආකාරයට පසුගිය සතියේදී ශිරාණි ඉන්දියාවට ගොස් තිබෙන්නේ ෂාරුක්ව මුණ ගැසීමට පමණක් වන අතර ඔහුගේ නිවස අසල හෝටලයක ඇය ලැගුම් ගෙන තිබේ.
එසේ යාමට පෙර ෂාරුක්ව මුණ ගැසීමට අවශ්‍ය සියළු කටයුතු සම්පාදනය කරගෙන සිටි ඇයට ෂාරුක්ව මුණ ගැසීමට අවස්ථාව හිමිවූ බවත් පැයක පමණ කාලයක් ඉතාමත් සුහදව දෙදෙනා කතා බහේ නිරත වූ බවත් සඳහන්ය.
ඡායාරූපයේ දැක්වෙන්නේ ෂාරුක් හා ශිරාණි සුහද පිළිසඳරේ යෙදී සිටින අවස්ථාවකි.

No comments:

Post a Comment