Wednesday 19 June 2013

රක්වානේ සැමියෙක් බිරිය මරලා

රක්වාන කන්දගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු තම බිරිඳ කපා කොටා ඊයේ (18) ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ රක්වාන පොලිස් වසමේ කන්දගම ප්‍රදේශයේ තේවතුයායක පදිංචිව සිටිමින් කුළී රැකියාව කළ එම්. ශාන්ති නැමැති දහනව (19) හැවිරිදි දෙදරු මවක් බව රක්වාන පොලිසිය පවසයි.කාන්තාවගේ එක් පාදයක දරුණු කැපුම් තුවාල ඇති බවත් පරික්ෂණ වලින් හෙලි වී තිබේ.
සිද්ධියට සම්බන්ධ සැමියා හා බිරිඳ වෙනත් ප්‍රදේශයක සිට රක්වාන කන්දගම ප්‍රදේශයට පැමිණ ඇත්තේ කුඩා තේ ඉඩම්වල රැකියාව කිරීම සඳහාය. ඔවුන්ට වයස අවුරුදු දෙකහමාරේ සහ වයස අවුරුදු හතරේ දරුවන් දෙදෙනෙකුද වේ. සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා රක්වාන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:

Post a Comment