Saturday 8 June 2013

අපි සටන් කොන්ත්‍රාත් අරං නෑ - ලාල්කාන්ත

ජනතා විමුක්ති පෙරමුණ ජනතාව වෙනුවෙන් සටන් කිරීමේ කොන්ත්‍රාත්තුවක් භාරගෙන නැතැයි එහි දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල් කාන්ත මහතා කියයි. ඊයේ පිලියන්දල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ලාල් කාන්ත මහතා මේ බව අවධාරණය කළේය. ජනතා විමුක්ති පෙරමුණ ජනතා සටන් වලට දේශපාලන නායකත්වය සපයන බවත් සටන ඉදිරියට ගෙනයාම ජනතාවගේ වගකීමක් බවත් ලාල් කාන්ත මහතා මෙහිදී පැවසීය.
විදුලි බිලෙන් ආරම්භ කළ ජනතා සටන විසදුමක් ලැබෙන තුරු ඉදිරියට ගෙනයාමට ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන බවත් සටන් කළ යුත්තේ ජනතාව බවත් ඒ මහතා පැවසීය.
“අපි විදුලි බිලට එරෙහිව වර්ජනයක් කරනකොට ඔබ වැඩට යන්නයි,වෙනදට වඩා වැඩි පිරිසක් ආවා කියලා ආණ්ඩුවට කියන්න දෙන්නයි බෑ. මොකද මේ සටන ඔබේ සටන.අපි නායකත්වය දෙනවා මිසක් ඔබ වෙනුවෙන් සටන් කිරීමේ කොන්ත්‍රාත්තුව අපි භාර අරන් නෑ. “
“දැන් බලන්න මහින්දට බෑ කියල මේ වෙනකොට ඔප්පු වෙලා ඉවරයි. මම උදාහරණ කීපයක් ගන්නම් මහින්ද රාජපක්ෂ බලයට එනකොට එයාර් ලංකා එක එමිරේට්ස් ලට අයිති.පස්සේ අපිත් කෑ ගහලා ආපහු අපි එයාර්ලංකා එක ගත්තා අරගෙන මහින්ද ඕක බාරදුන්නේ මස්සිනාට. වැඩේ ගියා 2012 අවුරුද්දේ අන්තිමේ බලනකොට එයාර්ලංකා එකෙන් රුපියල් කෝටි 2050ක් පාඩුයි. මේක එමිරේට්ස්ලා කරනකොට ඊට කලින් අවුරුද්දේ රුපියල් කෝටි 9000ක් ලාභයි. එතකොට කාගේද වැරැද්ද කොතනද වැරැද්ද?මේ කියන්නේ මේක මහින්දලට බෑ කියලා.
දැන් IOC එක ගමු බලන්න. IOC එකයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවයි කරන්නේ එකම දේ?එකම බිස්නස් එක ඒ කියන්නේ තෙල් සපයන එක.හැබැයි එකම දේ කළත් IOC එක ලාභයි ආණ්ඩුවේ සංස්ථාව පාඩුයි ඇයි මේ?කාගෙද වැරැද්ද?මේ කියන්නෙත් මේක මහින්දලට බෑ කියන එක.දැන් ඔය සපුගස්කන්දේ තෙග් පිරිපහදුවේ පිරිපහදු කරන්නේ ලංකාවට ඕන තෙල් ප්‍රමාණයෙන් 35% ක් විතරයි.අවශ්‍ය මුළු තෙල් ප්‍රමාණය පිරිපහදු කරන්න නම් ඒක නවීකරණය කරන්න ඕන.ඒක නවී කරණය කරා නම් තෙල් සංස්ථාවට ඊට පස්සේ දවසේ ඉදළම ලාභයි.ලාභ ලැබෙනවා.ඒත් මහින්දගේ ආණ්ඩුව ඒක නවීකරණය කරන්නේ නැතුව නැව් නැති වරායවල්,ගුවන්යානා නැති ගුවන් තොටුපල හද හද ඉන්නවා ණයට සල්ලි අරං.
දැන් ක්‍රිකට් හදුන්වල දුන්න සුද්දගේ රටේවත් නැති තරම් අපේ ක්‍රිකට් ක්‍රීඩාංගණ තියෙනවා. එංගලන්තේ තියෙන්නෙත් 5යි මෙහේ අපිට 7ක් තිබුන එක සුරියවැව එකක් හදල 8ක් කළා.දැන් ඕව ඔබ ඉල්ලුවද?නෑ. මේව ප්‍රමුඛතා ලැයිස්තුවේ අහලකවත් නෑ.ඒකියන ප්‍රශ්නෙට අපි හැමෝම එකතුවෙලා උත්තර හොයන්න ඕන මේ අර්බුදයටයි.අපි නායකත්වය දෙන්නේ ඒකට. සටන ඔබේ.ඔබේ සටන් කලොත් විතරයි දිනන්න පුළුවන්

No comments:

Post a Comment