Saturday 8 June 2013

ආකිමිඩිස්‌ගේ සොහොන මෙන්න

සාපේක්‍ෂතාවය යනු යමක්‌ තවත් දෙයකට සමාන කර අගය මැනීම යයි සරලව අර්ථ දැක්‌විය හැකිය. විශාල තරාදියක එක්‌ තටුවක දර ගොඩක්‌ තබා අනෙක්‌ තටුවට සයිමන් නැග්ග වූ විට තටු දෙක සමාන මට්‌ටමක පවතී නම් දර බර සයිමන්ගේ බරට සාපේක්‍ෂ අගයක පවතී. චූලනීට සාපේක්‍ෂව මාලනී ලස්‌සනය. හැබැයි, මාලනීටත් වඩා ලස්‌සන වෙනත් අය සිටිය හැක. මාලනී ලස්‌සන චූලනීට සාපේක්‍ෂව පමණි.

මේ සාපේක්‍ෂතාවාදී න්‍යාය ලොවට දායාද කළ පියා හෙවත් විද්‍යාඥයා ලෙස සැලකෙන්නේ ආර්කිමේඩ්ය. (ARCHIMEDE) අපට හුරුපුරුදු විදියට ආර්කිමිඩිස්‌ය. ඔහු හා බැඳී ඇති ජනප්‍රිය කථා පුවත නම් ආර්කිමිඩිස්‌ ස්‌නානය කිරීම සඳහා වතුර බේසමට බැස්‌ස විට ඉන් පිටතට ගලා ගියේ තමාගේ සිරුරේ පරිමාවට හා බරට සමාන වූ වතුර ප්‍රමාණයකැයි යන ඥානය පහළ වී සතුට ඉවසාගත නොහැකිව නිරුවතින්ම මහමගට පැන යුරේකා යුරේකා (සොයා ගත්තෙමි) යයි කෑ ගසමින් දිවගිය බවය.

සාපේක්‍ෂතාවාදය කුමක්‌ද කියාවත් නොදන්නා අය වුවද ආකිමිඩිස්‌ යුරේකා යයි කෑ ගසමින් හෙලුවෙන් දිවගිය කථාව නම් දන්නෝය. මෙවැනි අතිශයෝක්‌ති සහ ජනප්‍රිය කථා විවිධ ආගම්වලට අයත් ආගමික සාහිත්‍යයේද නස්‌රුදීන්, අන්දරේ, මහදැනමුත්තා වැනි කථාන්දරවලද ගැබ්ව පවතී. කියන්නා කෙසේ කීවත් ඒවා සිහි බුද්ධියෙන් ඇසිය යුත්තේ අපය.

ආකිමිඩිස්‌ යුරෝපා ජාතිකයෙකි. යුරෝපයේ දේශගුණය හීතලය. නාන්නේ නිවෙස්‌ තුළ ඇති නානකාමරවලදීය. ආකිමිඩිස්‌ ළදරුවෙකු නොවන බැවින් ස්‌නානය කළ යුත්තේ අප දන්නා බේසමකට බැස නොව නාන ඔරුවකට බැසීමෙන්ය. (BATH
TUB) මේ සීතල රටවල අපේ රටේ මෙන් හතර වටේට බිම තෙමෙන නානකාමර නැත. නාන ඔරුව ඇතුළේ සිට ස්‌නානය කර පිටතට බසින්නේ පොළොව්ට දමා ඇති තුවාය මතට හෝ බුමුතුරුණ මතටය. ඉදින් නානාකාමරවල ඇති නාන ඔරු උණුසුම් ජලයෙන් පුරවන විට කට පෙත්තටම පුරවන සිරිතක්‌ නැත. පුරවන්නේ අඩක්‌ හෝ තුන්කාලකි. නාන ඔරුවක්‌ කට පෙත්තටම පුරවා එතුළට බැස්‌ස විට සිදුවෙන දෙය යුරෝපයේ කුඩා ළමුන් පවා දන්නා දෙයකි. එබැවින් ආකිමිඩිස්‌ වැනි බුද්ධිමතෙකු එවැනි මෝඩ නෑමක්‌ නෑවා යයි සිතන්නට අපට ඉඩක්‌ නැත.

ලොව සුපතල විද්‍යාඥයින් මානව සංහතියේ ප්‍රගමනය වෙනුවෙන් මෙවැනි සොයා ගැනීම් සොයාගෙන ඇත්තේ අප්‍රමාණ වූ කැප කිරීම් කරමින් දිගින් දිගට කරන ලද අත්හදා බැලීම් සහ පර්යේෂණවලට පසුවය.

අයිසැක්‌ නිව්ටන් ගුරුත්වාකර්ෂණය සොයා ගන්නේ නටුවෙන් ගිලිහුන ඇපල් ගෙඩියක්‌ තම හිස මතට වැටීම නිසා යෑයි ප්‍රචලිත ජනප්‍රිය කථාවද හුදු හාස්‍යය ජනනය කිරීම සඳහා විනෝද සාහිත්‍යයට එකතු වූවත්, විය හැකිය. යුරෝපයේ විල් අසබඩදී වල් තාරාවන්ට වෙඩි තැබූ විට ඔවුන් සෘජුවම පොළොවට ඇද වැටෙන බව. පන්දු කෙළියේදී ඉහළට විසිවෙන පන්දුව යළි පොළොවට ඇද වැටෙන බව ඇපල් ගෙඩිය හිස මතට වැටීමට පෙරත් අයිසැක්‌ නිව්ටන් කොතෙක්‌ දැක තිබෙන්නට ඇද්ද?

මහා විද්‍යාඥ ඇල්බට්‌ අයින්ස්‌ටයින්ට යම් යම් දේ අමතක වීමේ රෝගයක්‌ තිබුණ බවත් මහා වැස්‌සකට අසුව ගෙට ගොඩ වූ ඔහු වැහි කබාය ගලවා තමාගේ හාන්සි පුටුව මත තබා කාමරයට ගොස්‌ අත් දෙකෙන්ම බෝල කුඩුවේ එල්ලී සිටි බවත් විනෝදය සඳහාම ගෙතූ කථා වීමට පුළුවන.

ඒවා කෙසේ වුව මේ ඡායාරූපයෙන් ඔබ දකින්නේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥ ආකිමිඩිස්‌ගේ සොහොන් ගැබය. එය පිහිටුවා ඇත්තේ ඉතාලියේ සිරාකුසාහීය (SIRACUSA)



රෝහිත මුණසිංහ
ප්‍රංශය

No comments:

Post a Comment