Friday 7 June 2013

වානේ පන්නරය ලබන්නේ ගිනියම් කොට සිසිල් කිරීමෙනි"

වානේ පන්නරය ලැබූ හැටි

නිකොලායි ඇලෙක්සෙයෙවිව් ඔස්ත්රෝස්කි .(1904-1936)

" නිර්භයත්වය සටන් තුලින් උපත ලබයි .... එය පරීක්ෂණයෙන් පසක් කර ගනී..."

සුප්‍රසිද්ද සෝවියට් ගත් කරුවෙකු වූ ඔහු ජීවත් වුයේ ඉතා කෙටි කාලයකි. අවුරුදු තිස් දෙකක ජීවන ගමන් මග තුල ඔහු දොළොස් අවුරුද්දක් බරපතල රෝගියෙකු මෙන් ජීවත්විය . ඉන් අට අවුරුද්දක්ම අන්ධයෙකු සේ ගත කළේය. "වානේ පන්නරය " තුලින් සිය අප්‍රමාන අත්දැකීම් සමුදාය "පාවෙල් කොර්චාගින්" ගේ අයෝමය විප්ලවීය ජීවගුණය තුලට කැටි කරමින් ලොව පුරා විප්ලවවාදීන්ට අත් පොතක් නිර්මාණය කළේය.

රුසියානු විප්ලවය ජයග්‍රහණය කරන විට ඔහු දොළොස් වියැති කොලු ගැටයෙකි. දුම්රිය ස්ථානයක දිනකට පැය 14 ක් බැල මෙහෙවර කරමින් ඔස්ත්රෝස්කි ජීවිතයේ කටෝරත්වය පසක් කරගතේය. පහළොස්වන වියේදී අභීතව සිය මව්බිම වෙනුවෙන් සිවිල් යුද්දයට සහබාගිවිය. අනතුරුව තරුණ යුක්රයින කොමියුනිස්ට් ව්යාපාරයට සම්බන්දවී රුසියානු සමාජවාදී රාජ්යය වෙනුවෙන් සිය යුතුකම ඉටු කල කොම්සොමෝල් විප්ලවවාදී කාඩර්වරයෙකු විය.

"වානේ පන්නරය ලබන්නේ ගිනියම් කොට සිසිල් කිරීමෙනි" මේ කියමන කෙතරම් යතාර්තවාදීද යන්න පාවෙල් කොර්චාන්ගින් චරිතය තුලින් අපට පසක් කර දේ.
1924 අග බාගයේදී ඔහු රෝගී වන්නේ අසහාය කැපකිරීම් තුලින් යුද පිටියේ මුහුණ දුන් අත්දැකීම හා නිදි වර්ජිතව සිය පන්ති යුතුකම වෙනුවෙන් දිවා රැය වෙහෙසීම් තුලිනි. අවසානයේ යුද්දයෙන් පසු රුසියානු ආර්ථිකය නගා සිටුවීමට ඔහු කෙතරම් පරිශ්රයමයක් දරනවාද යන්න මෙම කෘතිය තුලින් පිළිබිමු කර ඇත.

අවසානයේදී ඔහු සදාකාලික රෝගියෙක් වුයේය. දෙනෙත් සම්පුර්ණයෙන් අන්ධ භාවයට පත්විය. යහන ගැබ නිත්ය වාස භුමිය බවට පත්විය. ක්රියාශීලී ජීවිතයෙන් සදහටම ඈත් විය. කලයුත්තේ කුමක්ද..?මා ඉදිරියට ජීවත් විය යුත්තේ කෙසේද ? යන පැනය ඔස්ත්රෝවොස්කි ඉදිරියේ මතුවිය. සැබැ කොමියුනිස්ට්වාදීන් කිසි දිනෙක පසු පසට පියවර නොතබති. ඔහුද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෝල්ෂෙවික් වරයෙකි. අතිශයෙන්ම වැදගත් වස්තුව වන සටන්කිරීමට ඇති හැකියාව නොමැති වුවද වෙනත් විකල්ප ඔහු සෙවීය. ඒ අතර ඔහුට ලිවීමට සිත යොමු විය.
" දැන් මා ඇඳට සීමා වී ඔත්පලව සිටියද , මා රෝගියෙකු යයි ඉන් අදහස් නොකරේ, එය ප්රලාපයකි, එය බොරුවකි.." යනුවෙන් මිතුරෙකුට ලිපියක් යවමින් කියා සිටියේය. අනතුරුව ඔහු "වානේ පන්නරය ලැබූ හැටි " අසහාය සාහිත්යය කෘතිය ලිවීමට මුල පිරීය. පැරණි පරපුර වෙනුවට ඉදිරියට එන තරුණ පරපුරට දියයුතු පණිවිඩය කුමක්දැයි ඔහු බොහෝ කලක සිටම දැන සිටියේය. අන්ධ භාවය නිසාම ඉතා අසීරුවෙන් පත් ඉරු මත පැන්සලකින් අකුරු කළේය. නොයෙක් වර එම සටහන් අකුරු පේලියට උඩින් තවත් අකුරු පේලියක් ලිවීම නිසා විනාශ විය.අනතුරුව ට්රාන්ස්පරන්ට් නම් වෙනත් ක්රමයකින් ඔහු ලිවීම ආරම්බ කළේය.

1934 දී සිය ජීවිතය බඳු නව කතාව රුසියානු ජනතාවට පුදනු ලැබීය. 1935 එය "ලෙනින් සම්මානයට " පාත්‍ර විය.
නවකතාවේ කතුවරයා එහි වීරයන්ගෙන් ඇත් කිරීම සාමාන්ය සිරිතකි. එහෙත් මෙහිදී දෙදෙනාම එක් කර ඇත. දෙදෙනා එකම ජීවිතයක් ගත කළහ.
පාවෙල් ජීවිතයේ වංකගිරි පසු කරමින් ඒවා ජයගනිමින් ඉදිරියට ගිය තරුණ කොමියුනිස්ට්වාදියෙකි. අප හැම කෙනෙකුටම එවැනි වංක ගිරි ඇත. ඒවා ඉතිහාසය පුරාම තිබුණි. අනාගතයේදී ද ඒවා එලෙසින්ම පවතිනු ඇත. එහෙත් ඒවා ඔස්සේ යාමට අප තුල දෛර්යක් තිබිය යුතුය. ඔස්ත්රෝව්ස්කි - පාවෙල් කොර්වාගීන් අපට කියන්නේ එයම නොවේද ?
ඔහු තම ජීවිතය විවේචනාත්මකව පිරික්ෂා බැලුවේය. ඔහු තම ජීවිතයේ තේජාන්විත හා පොහොසත් ගුණය වෙන් කර ගනී.
" ප්රධාන දෙය සිද්දීන් ගහන දිනවලදී නිකන් බලා නොසිටීමය.පාලනය සඳහා කල අයෝමය සටනේදී නිසි තැන ගැනීමය.විප්ලවයේ රතු ධජයේ රක්තවර්ණ ලේ පැ ල්ලම් සටහන් විය යුතුය " ."
ලන්ඩන් "නිවුස් ක්රෝනිකල්" පුවත් පතේ වාර්තාකරුවෙකු ඔහු ගෙන් මෙසේ ඇසුවේය"

"ඔබ නිර්භීත මිනිසෙකි. කොමියුනිස්ට් පරමාර්ථ වලට කැපවීමට ඔබට හැකි වුයේ නිර්භීත කම නිසාද ? "

"ඔව් " ඔස්ත්රෝව්ස්කි මොහොතක් හෝ පමා නොවී පිළිතුරු දුන්නේය..
                               සටහන:M බන්ඩාර

No comments:

Post a Comment