Friday 7 June 2013

ත්‍රිරෝදවලට ඉන්ධන සහන බැහැ - නියෝජ්‍ය මුදල් ඇමැති කියයි

ත්‍රීරෝද රථ හිමියන්ට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට රජයේ අදහසක් නැතැයි ජාත්‍යන්තර මුල්‍ය කටයුතු පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැති සහ නියෝජ්‍ය මුදල් ඇමැති සරත් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී අද (07) ප්‍රකාශ කළේය. ත්‍රීරෝද රථ 450,000 ක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින නමුත් ඔවුන් වෙනුවෙන් සහනයක් දීමට රජය අදහස් නොකරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය. මීට පෙර ත්‍රිරෝද රථ සඳහා සහනයක් දුන්නේද නැද්ද යන්න පිළිබඳව තමා නොදන්නා බව කී ඇමැතිවරයා මේ අවස්ථාවේ ඉන්ධන සහනාධාරයක් ලබාදීමේ අදහසක් නැතැයිද පැවසීය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීවේය. මෙහිදි දයාසිරි ජයසේකර මහතා කීවේ ඇමැතිවරයාගේ පිළිතුරෙහි සඳහන් ත්‍රීරෝද රථ සංඛ්‍යාව වැරැදි බවයි. මේ වන විට ත්‍රිරෝද රථ 735,000 ක් පවතින බව මන්ත්‍රීවරයා කීවේය.

No comments:

Post a Comment