Friday 7 June 2013

ශිෂ්‍යයන්ට යකඩ පොලු පහර වදී සරසවි නේවාසිකාගාරයේ මැරයෝ යකා නටති සිසුහු තිදෙනෙක්‌ රෝහලේ

කැලණිය විශ්වවිද්‍යාලයට අයත් හුණුපිටියේ පිහිටි සීවලී නේවාසිකාගාරයට යකඩ පොලු, බයිසිකල් ෙච්න් රැගෙන පෙරේදා (06 දා) රාත්‍රි කඩාවැදුණු මැර පිරිසක්‌ එහි සිටි ශිෂ්‍යයන්ට අමානුෂික ලෙස පහර දී ඇත.

එම ප්‍රහාරවලින් තුවාල ලැබූ ශිෂ්‍යයෝ දෙදෙනෙක්‌ කිරිබත්ගොඩ රෝහලේත් තවත් ශිෂ්‍යයෙක්‌ රාගම මහ රෝහලේත් ප්‍රතිකාර ලබති.

වෑන් රථ හා යතුරපැදිවලින් පැමිණි විසිපස්‌දෙනකුගෙන් පමණ සමන්විත වූ  මැර පිරිසක්‌ මෙම ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ වී ඇත.

පෙරේදා (06 දා) සවස කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ශිෂ්‍යයන් පිරිසක්‌ හා මෙම නේවාසිකාගාර ශිෂ්‍යයන් අතර ඇති වූ බහින්බස්‌වීමක්‌ මෙම ප්‍රහාරයට හේතු වී ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම පහරදීම ඉතාම සැලසුම් සහගත ලෙස සිදුකළ එකක්‌ බවත් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් නැගෙන ශිෂ්‍ය අරගලය මර්දනය කිරීමේ අරමුණෙන් කළ එකක්‌ බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලය පවසයි.



                                                                                              ධම්මික සල්වතුර

No comments:

Post a Comment