Friday 7 June 2013

ගස්කඩාවැටීමෙන් ගමනාගමනයට බාධා

අධික සුළං හා වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ ගණනාවක ගමනාගමනයට බාධා මතුව ඇති බව වාර්තාවේ.

කොළඹ නුවර මහාමාර්ගයේ වරකාපොල වැලිගමුව උඩුකුඹුර ප්‍රදේශයේදී දැවැන්ත ගසක් කඩාවැටීම නිසා ගමනාගමනයට බාධා මතුව ඇති බව වාර්තාවන අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හික්කඩුව පතන ප්‍රදේශයේදී ගසක් කඩාවැටීම නිසා ගමනාමගමනයට බාධා මතුව ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම කොළඹ ප්‍රදේශයේද ඇතැම් ස්ථානවල ගස්කඩාවැටීම නිසා ගමනාගමනයට බාධා එල්ලවී තිබූ අතර කොළඹ ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුවද ගමනාගමනය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවයි වාර්තාවන්නේ.

මේ අතර ගාල්ල, උඩුගම හා දෙල්ලව ප්‍රදේශවලද ගස්කඩාවැටීම් නිසා ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි පැවසෙන්නේ

No comments:

Post a Comment