Saturday 8 June 2013

තේ කර්මාන්තශාලාව ගිනිගෙන විනාශ වෙයි

රාජ්‍ය වැවිලි සංස්‌ථාවට අයත් ගල්පිහිල්ල තේ කර්මාන්ත ශාලාව ඊයේ (07 වැනිදා) ගිනිගෙන විනාශ වියග

එහි මහල් තුනම ගින්නෙන් විනාශ වූ අතර පුද්ගලයන් දෙදෙනකුට සුළු තුවාල සිදුවී තිබිණිග

ගින්න නිවීම සඳහා මහනුවර නගර සභා ගිනි නිවන ඒකකය දැඩි වෙහෙසක්‌ ගත්තේයග කර්මාන්ත ශාලා පෝරණුවෙන් ගින්න ඇවිළී ඇතැයි සැක කෙරෙන අතර අලාභය මෙතෙක්‌ ගණන් බලා නැතග

පන්විල පොලිසියේ ස්‌ථානාධිපති සමන් අංගම්මන මහතාගේ අධීක්‍ෂණය මත පරීක්‍ෂණ පැවැත්වේග

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට පෙරේදා (06 වැනිදා) එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය පාමින් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ ඊයේ (07 වැනිදා) පස්‌වරුවේ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැවැත්විණිග

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල භූමියේ සිට කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ මෙම සාමකාමී විරෝධතාවයේ නිරත වූ අයුරු ඡායාරූපයේ දැක්‌වේග

No comments:

Post a Comment