Saturday 8 June 2013

කුණාටුවෙන් ධීවරයින් පහක් මරුට


ධීවරයින් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව
ඊයේ රාත්‍රියේ මුළු දිවයිනටම බලපෑ දැඩි සුළං තත්ත්වය හා වැස්ස නිසා ජන ජීවිතයට බාධා සිදුව තිබෙන බවත් කුණාටු තත්ත්වය නිසා මුහුදු ගිය ධීවරයින් පස් දෙනෙකු පමණ මියගොස් ඇතැයිද තවත් ධීවරයින් අතුරුදහන්වී ඇතැයිද අනාවරණය වේ.

මේ අනුව, මුහුදු ගිය ධීවර බෝට්ටු සොයා මේ වනවිට නාවික හමුදාව හා ගුවන් හමුදාව පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
ධීවරයින් දෙදෙනෙකුගේ මළ සිරුරු බලපිටිය වෙරළට ගොඩගසා තිබෙන අතර බෙන්තොට වෙරළට තවත් ධීවරයෙකුගේ මළ සිරුරක් ගොඩගසා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

No comments:

Post a Comment