Wednesday 19 June 2013

සීතා එළියේ මාරක රිය අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට - තුවාල ලැබුවන් සොයා තවමත් මෙහෙයුම්

සීතාඑළිය, පොල්ගහවංගුවේදී, පහළකොටසවත්ත දෙමළ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් විනෝද චාරිකාවක් ගොස් එමින් සිටියදී අඩි 100ක ප‍්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් තිබේ. 76ක් තුවාල ලබා රෝහල්ගත කර ඇත. මියගොස් ඇත්තේ බසයේ රියැදුරු ඇතුළු වැඩිහිටියන් තිදෙනකි. තුවාල ලැබුවන් සොයා මේවනවිටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක ය.

නුවරඑළියේ ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ. එම ප‍්‍රදේශයේ අධික වර්ෂාව තිබී ඇති බැවින් මාර්ගය ලිස්සනසුළු ස්වභාවයක් තිබී ඇතැයි වාර්තා වේ. අසාධ්‍ය තත්තවයෙන් පසු වූ 4 දෙනකු නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර රෝහලට ඇතුළත් කොට ඇත. ගුරුවරු 7ක් වැඩිහිටියන් 5 දෙනකු බසය තුළ සිට ඇති අතර ඉතිරි සියලූදෙනා ළමුන් වේ. චාරිකාවට සහභාගි වී ඇත්තේ 1 සිට 7 වැනි ශ්‍රේණිය දක්වා පන්තිවල ළමුන් ය.
(ඞී.එස්.පී. රාජකරුණා-නුවරඑළිය)

No comments:

Post a Comment