Sunday 16 June 2013

මන්ත්‍රී ඇඹිලිපිටි පොලිසිය නිරුවත් කරයි

ඇඹිලිපිටිය පොලිසිය ඉස්සරහ පාරේ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම තියනවා. පොලිසියේ ඇතැම් ඉහළ නිලධාරින් සම්බන්ධවෙලා පොලිස් ස්කෝඩ්එක ඇතුව ඇඹිලිපිටියෙන් ගංජා අදිනවා. ඇඹිලිපිටියේ හොරට ගස් කපන්නේ පොලීසියේ ඉහළ නිලධාරින්ගේ සහාය ඇතුව. ගණිකා වෘත්තිය ඇඹිලිපිටියේ කෙරෙනවා. වැටත් නියරත් ගොයම් කනවා නම් ඒ බව කාට කියන්නද? මෙවගේ මහ කාලකණ්නි තත්ත්වයක් තියෙන්නේ අද. ඇතැම් පහළ දේශපාලකයන් පොලීසිවලට බලපෑම් කරන බව මම දන්නවා. ඒ බලපෑම් මත නිලධරයන්  පරල වෙලා.‘ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනි රෝහණ මහතා එසේ පැවසීය.
රුපියල් ලක‍්ෂ එකසිය විස්සක් වැය කර ඇඹිලිපිටිය නගරයේ අලූතින් ඉදිකළ සුරාබදු කාර්යාලය විවෘත කරමින් සිකුරාදා  මන්ත්‍රීවරයා  එසේ කීවේය.

No comments:

Post a Comment