Saturday 15 June 2013

හමුදා වැටුප පික්පොකට් ගසයි

හමුදා සාමාජිකයන්ගේ වැටුපෙන් මාසිකව රුපියල් 500/=ක මුදලක් කූට ලෙස ගසාගෙන කෑම සඳහා අලූතින් රක්ෂණයක් හඳුන්වා දී ඇත. මෙම රක්ෂණය සඳහා පළමු වාරිකය වශයෙන් රුපියල් 1,000/=ක මුදලක් කපාගන්නා අතර එතැන් සිට සෑම මසකම රුපියල් 500/=ක මුදලක් කපාගනු ලබයි. රක්ෂණය කල්පිරීමක් වෙනුවෙන් මුදල් නොගෙවන අතර හමුදා සාමාජිකයා රැකියාවෙන් විශ‍්‍රාම ගන්නා තුරු මුදල් කපාගන්නා අතර මාස හයකට වරක් මෙම වාරික ගෙවීම් මුදල වැඩිකිරීමට හැකියාවද ඇත.
විශ‍්‍රාම යාමෙන් පසුව තමන් ගෙවූ මුදල් වෙනුවෙන් ප‍්‍රතිලාභයක් නොලැබෙන අතර විශාම ලැබීමෙන් පසුව ප‍්‍රතිලාභ ලැබීමට නම් සෑම වසරකම ජනවාරි මාසයේදී වාර්ෂික රක්ෂණ වාරිකය එකවර ගෙවිය යුතු වේ. එහෙත් මෙම රක්ෂණයේ ඇති වගන්ති අනුව සැත්කම් හා බරපතළ රෝගාබාධ වෙනුවෙන් කිසිදු ප‍්‍රතිලාභයක් නොගෙවා සිටිමේ හැකියාවද ඇත. එසේම හමුදා රෝහල මගින් ප‍්‍රතිකාර කරනු ලබන සාමාන්‍ය රෝග සඳහාද රක්ෂණයෙන් ප‍්‍රතිලාභ නොලැබේ. මාසිකව මුදල් කපා ගත්තද රක්ෂණයෙන් ලැබෙන ප‍්‍රතිලාභ පිළිබඳව ඇත්තේ අවිනිශ්චිතතාවයකි. එසේම රක්ෂණය සඳහා ඉල්ලූම්පත් ලබාගැනීම සඳහා ජුනි 13 වැනිදා සිට යුද හමුදා සාමාජිකයන්ගේ සියලූ නිවාඩු අවලංගු කර ඇත. රක්ෂණ ක‍්‍රමය පිළිබඳව හමුදා සාමාජිකයන්ගේ ඇත්තේ දැඩි විරෝධයකි.

No comments:

Post a Comment