Wednesday 19 June 2013

ආචාර්යවරියට පහරදුන් සරසවි සිසුවා අත්අඩංගුවට

නාවල විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියකට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සරසවි සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ.

අද(19) දහවල් විශ්ව විද්‍යාලයේ සිසුවෙකු විසින් මෙම ආචාර්යවරියට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියත් සමඟ නාවල විවෘත විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ කිසියම් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත.

බරපතල තුවාල ලැබූ නීති පීඨ අංශාධිපති ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව අදාළ සිසුවා විශ්ව විද්‍යාලය තුළදීම කිසියම් ඖෂධ වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව රෝගාතුරවී කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

එහි දී මෙම සැකකාර සිසුවා අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කළේය.

No comments:

Post a Comment