Wednesday 19 June 2013

ඉදිරියෙන් ගිය බසයෙන් ඇද වැටුණු බැංකු සේවිකාව පසුපසින් ආ බසයට යටවී මරුට

කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ඊයේ 18 දා උදේ 8.00 ට පමණ පෞද්ගලික බස්‌ රථයකින් වැටුණු පෞද්ගලික බැංකු සේවිකාවක ඊට පිටුපසින් ආ තවත් පෞද්ගලික බස්‌ රථයකට යටවී මරුමුවට පත්වී ඇතැයි කොල්ලුපිටිය පොලිසිය පවසයි.

මෙම බැංකු සේවිකාව වැටී ඇත්තේ මාර්ග අංක 177 කඩුවෙල සිට කොල්ලුපිටිය බලා ධාවනය වූ බස්‌ රථයකින් බවත්, ඇය යටවී ඇත්තේ මාර්ග අංක 175 කොල්ලුපිටිය කොහිලවත්ත අතර ගමන් කරන බස්‌ රථයකට බවත් පොලිසිය කියයි.

මෙලෙස මියගොස්‌ ඇත්තේ කඩුවෙල, වැලිවිට, විහාර මාවතේ පදිංචිව සිsටි ප්‍රියදර්ශනී ගුණවර්ධන (47) නමැති දෙදරු මවකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්‌ රථ රියෑදුරන් දෙදෙනාම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මේ පිළිබඳව කොල්ලුපිටිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක මංගල දෙහිදෙනිය මහතාගේ උපදෙස්‌ මත රථවාහන විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ කොස්‌තාපල් ගමගේ (74886) වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

No comments:

Post a Comment