Wednesday 19 June 2013

ගුරුවරිය දණ ගැස්වීමට එරෙහිව රටපුරා උද්ඝෝෂණ

නවගත්තේගම ගුරුවරිය දණ ගැස්සවීමට එරෙහිව විරෝධය පළකරන උද්ඝෝෂණ ගණනාවක් අද හා හෙටත් මෙම සතිය තුළදීත් දිවයිනේ ප‍්‍රදේශ ගණනාවක පාසල් ඉදිරිපිට හා නගර ගණනාවක පැවැත්වෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා පවසයි.
ඒ අනුව ආනමඩුවේදී අද දහවල් 12.30 ට හා උස්වැව රත්නපාල පාසල ඉදිරිපිටදීත්, කොච්චුකට්ටිය පාසල ඉදිරිපිටදීත්, පන්නල ජාතික පාසල ඉදිරිපිටදීත් අද පෙ.ව. 11.00 ට ත් උද්ඝෝෂණ පැවැත්වූ බවද ඔහු පැවසීය.

හෙට (19) දිනයේදී කොළඹ ලිප්ටන් වටරවුම අසලදීද සියළු ගුරුවරුන් එකතු වී උද්ඝෝෂණයක් පැවැත්වීමටත් එමෙන්ම අනුරාධපුරය බැංකු ටවුම ඔරලෝසු කනුව ඉදිරිපිටදීත්, අලව්ව නගරයේදීත්, පොල්ගහවෙල නගරයේදීත්, කුරුණෑගල නගරයේදී හා ගිරිඋල්ල නගරයේදීත් හෙට දිනයේ උද්ඝෝෂණ පැවැත්වීමට තීරණය කර ඇති බවද මහින්ද ජයසිංහ සහෝදරයා unionslanka වෙත පැවසීය.
ඡායාරෑප මගින් දැක්වෙන්නේ පන්නල ජාතික පාස‍ල ඉදිරිපිට පැවති විරෝධතාව‍යේ අවස්ථායි. 

No comments:

Post a Comment