Monday 3 June 2013

අධිරාජ්ජවාදය විනාශ කර ආලෝකය රැගෙන එන්නා යන අරුත ඇති "හෝ චෝ මින් ගේ ජිවිතයෙන් බිදක්

හෝ චී මින් සහෝදරයා මුළු මහත් ආසියාවටම ආඩම්බරයක්‌ වූ තවත් එක්‌ අසිරිමත් දේශපාලන නායකයෙකි.

තම මවගේ උපන් ගම වූ ඉන්දු චීන ප්රාන්තයේ හොවැං ට්‌රූ (Hoang Tru) හිදී ඔහු උපන්නේ 1890 මැයි 19 වැනිදාය. උපතේදී ඔහු ලද නම ගුයෙන් සින් කුන් (Nguyen Sinh Cung) විය. එවකට වියට්‌නාමය ප්රංශ අධිරාජ්‍යවාදී යටත් විජිතයක්‌ව පැවැතිණි. සින් කුන් කුඩා කල සිටම නිවසෙහි පරිසරය ප්රංශ විරෝධී විය.

ගුරුවරයකු වූ සින්ගේ පියා ප්‍රංශ භාෂාව ඉගනීම ප්‍රතිෂේප කිරීම නිසා රැකියාව අහිමි විය.ඔහු ප්රංශ භාෂාව ඉගෙනීම ප්රතික්ෂේ ප කළේ ප්රංශ රජය ට ගැති වීම පිළිකෙව් කළ නිසාවෙනි.
එහෙත් ඔහු තම දරුවන්ට ප්රංිශ භාෂාව උගන්වන්නට උනන්දු වූයේය. ඒ ප්රංශශ භාෂාව දැන සිටීම ප්රංශයට එරෙහිව ක්රි‍යාකාරී වීමේදී අනිවාර්යයෙන් ම උපකාරී වන බැවිනි. කුන් ගේ එකම සහෝදරිය බැච් ලියෙන් (Bach Lien) පසුකාලීනව ප්රංශ හමුදාවේ ලිපිකාරිනියක වූවාය. ඇය ප්රංශ හමුදාවෙන් අවි ආයුධ සොරකම් කළ චෝදනාවට වැරැදිකාරිය වී ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමකට නියම වූවාය. ඇය ආයුධ සොරකම් කොට තිබුණේ වියට්‌නාම් නිදහස්‌ සටන වෙනුවෙනි.
සින් කුන් ඉගෙනුමෙහි දක්ෂ දරුවකු වූයේය. පසුකාලීනව ඔහුගේ විප්ලවයේ ප්ර‍බල කොටස්‌කරුවන් බවට පත් වූ 'ජෑම් වැන් ඩොං' සහ 'චෝ ගුවෙයන් ගියෑප්' එකම පාසලෙහි ශිල්ප උගත් ඔහුගේ සමකාලීනයන් ය.අධ්යාවපන කටයුතු නිම කිරීමෙන් පසු 'ටැට්‌ තාං' ටික කලක්‌ ගුරු වෘත්තියෙහි නියෑළුණි. වයස අවුරුදු 22 දී එනම් 1912 වසරේදී නැව් නැගුණු ටැට්‌ ඇමරිකාව බලා පිටත් වූයේ අරක්‌කැමියකුගේ අත් උදව්කරුවකු ලෙසටය.
එහිදී ඔහුට ඇසුරු කරන්නට ලැබුණු "මාකස්‌ ගාවේ" නම් කළු ජාතිය වෙනුවෙන් ක්රියාකාරී දේශපාලනයෙහි නියෑළී සිටි ජැමෙයිකානු පුවත්පත් කලාවේදියා සහ කොරියානු ජාතිකවාදීන් කිහිපදෙනකු නිසා ඔහුගේ දේශමාමක හැඟීම් වඩාත් ප්රබල විය.
ස්‌වාධීන වියට්‌නාමයක්‌ පිළිබඳ සිහිනය ඒ වන විටත් ඔහු සිත තුළ ඉපැදී තිබිණි. ප්රංශයේදී දේශපාලන විද්යාව උගත් ටැට්‌ මාක්ස්වාදය පිලිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීය.1924 එංගලන්තය ප්රංශය හරහා ඔහු රුසියාවට ලගාවිය.
"සෑම කොමියුනිස්‌ට්‌වාදියකුම තම රටට ආපසු පැමිණිය යුතුව තිබෙනවා. අපේ රටේ ජනතාව අවදි කරන්නට සංවිධානය කරන්නට හා නිදහස්‌ වියට්‌නාමයක්‌ බිහිකිරීම සඳහා ඔවුන් සටනට යොමු කරන්නට අප සැම එක්‌ව ක්රියාකාරී විය යුතු යුගය එළැඹ තිබෙනවා." යැයි සෝවියට්‌ දේශයේ සිට තම මිතුරකුට ලියා එවා තිබුණි.

රුසියාවේ සිට ආපසු වියට්‌නාමයට නොගොසින් "ටැට්‌" ගියේ චීනයටය. චීනයේ වියට්‌නාම් මායිමට ය. ඒ එහි රැඳී සිටිමින් වියට්‌නාම් විප්ලවය සංවිධානය කරනු පිණිස ය. ප්රංශ අධිරාජ්යය වියට්‌නාම ජනතාව ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් ප්‍රංශ පාලනය වියට්නාමයෙන් ඉවත් කරන ලෙසත් පෙත්සමෙන් ඔහු ඉලා සිටියේය. එහෙත් එය ඉවතට විසි විය.
යටත් විජිතවාදයට එරෙහිව නැගී සිටි හෙතෙම ඒ වන විටත් වියට්‌නාමයේ ජාතික වීරයකු බවට පත්ව සිටියේය. 1925 වර්ෂයේදී සැඟවී හිඳිමින් ටැට්‌ සැලසුම් කළේ තම රටෙන් ප්රංශ හමුදාව නෙරපා දමන ආකාරයයි. 1931 දී හොංකොං හිදී ඔහු අත්අඩංගුවට ගැනිණි. මෙහිදී බ්රිතාන්ය රජය ඔහු ප්රංශ පාලනයට භාරදෙනු වෙනුවට අත් අඩංගුවේදී මියගිය බව ප්රකාශ කළේය. එහෙත් 1933 ජනවාරි මාසයේදී ඔහු නිදහස් විය.

ආලෝකය රැගෙන එන්නා යන අරුත ඇති "හෝ චෝ මින් "යන්න ඔහුට පට බැඳෙන්නේ 1940 දීය.1940 සැප්තැම්බර් මාසයේදී ආක්‍රමණික ජපන් හමුදාවට ප්‍රංශය යටත් විය. එහි ප්‍රතිපලයක් ලෙස වියට්නාමය මුදාගැනීමේ විමුක්ති අරගලයට නව ජවයක් ලැබුණි. අනතුරුව වියට්‌මින් (Vietminh) සංවිධානය ස්‌ථාපිත කළේය. ඔවුන්ගේ ප්රථම ගරිල්ලා සටන සිදු වූයේ ජපන් හමුදාවට විරුද්ධවය. මෙහිදී රුසියාවෙන් වියට්‌මින් හමුදාවට යුද ආධාර ලැබිණි.

. දෙවැනි ලෝක යුද සමය තුළ දී ජපානයේ පරාජයත් සමගම වියට්නාමයෙන් පසු බැසීය. ඉන් පසුව හෝ චෝ මින් විසින් 1945 සැප්තැම්බර් මාසයේදී වියට්‌නාම් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්‌ඩුව ප්රකාශයට පත් කළේය. 1945 සිට 1955 දක්‌වා ම හෝ එම රජයෙහි අගමැති ධුරය දැරුවේය. එහෙත් ප්රංශය "හෝ"ගේ නායකත්වය පිළිගන්නට සූදානම් වූයේ නැත. මේ අතර එක්‌සත් ජනපද ජනාධිපති රුස්‌වෙල්ට්‌, බ්රිතාන්ය අගමැති වින්ස්‌ටන් චර්චිල් සහ රුසියානු ජනාධිපති ජෝශප් ස්‌ටාලින් පෝස්‌ට්‌ඩෑම්හිදී සාකච්ඡාවක්‌ පවත්වා වියට්‌නාමය පිළිබඳ තීරණයක්‌ ගෙන තිබිණි. ඒ වියට්‌මින් හමුදාවටත් හොර රහසේ ය. යුද්ධයෙන් පසුව වියට්‌නාමය දෙකට බෙදා උතුරු වියට්‌නාමය චීනයටත්, දකුණු වියට්‌නාමය බ්රිතාන්යයටත් පාලනය කිරීමේ අයිතිය ලබා දෙන්නටයි ඔවුන් සැලසුම් කොට තිබුණේ. එහෙත් හෝ චි මිං සටන අතහැරියේ නැත. ඔහු ගරිල්ලා සටන් ක්රම අනුගමනය කරමින් අති දුෂ්කර සටන දිගටම ගෙන ගියේය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ප්රංශය නැවත වියට්‌නාමය තුළ ස්‌ථාපිත වන්නට උත්සාහ කළේය. කළු හැඳගත් වියට්‌මින් ගරිල්ලන් දස දහස්‌ ගණනින් එක්‌ව ප්රංශ හමුදාවට විරුද්ධව සටන් වැදුණේ දැඩි විනය නීති රීති යටතේය.දුෂ්කර ගම්මානවල ගොවි ජනතාව සමඟ ඔවුන් ඉතා සුහදශීලීව කටයුතු කළ යුතු විය. ඔවුන්ගේ භව භෝග බලෙන් පැහැර ගැනීම, සොරකම් කිරීම සපුරාම තහනම් විය. පැළ සිටුවීම, දිය ගෙනඒම, අස්‌වනු නෙළීම වැනි සියලු කර්තව්යයන් සඳහා හැකි සෑම විටම ශ්රම දායකත්වයෙන් ද ඔවුන්ට සහයෝගය පළ කළ යුතු විය.
වරින්වර ක්ෂය රෝගයෙන් පීඩා විඳිමින් නමුත් අසීමිත චිත්ත ධෛර්යයෙන් යුක්‌තව හෝ තම අරගලය නොනවත්වා ඉදිරියට ගෙන ගියේය.

ඔහු යුනෑන් සිරගෙදර සිරබත් කෑවේ විලංගු දැමූ පාවලින් යුක්‌තවය. ඔහු හිස ගසා දැමීමෙන් දස වරක්‌ ගැලවීගත් ආශ්චර්යවත් මිනිසකු වේ. 1954 වර්ෂයේදී හෝ චිං මිං නම් වූ ඒ කුඩා මිනිසා ඉදිරියේ ප්රංශය පරාජය විය. ප්රංශ සොල්දාදුවන් 7,000 - 11,000 ක්‌ පමණ සංඛ්‍යාවක්‌ සිරභාරයට ගැණිනි. තවත් අති විශාල ප්‍රංශ භට සංක්‍යාවක් මරු මුවට පත් විය. 1960 දෙසැම්බරයේදී දකුණු වියට්‌නාමයේ නිදහස උදෙසා ජාතික පෙරමුණ බිහි කරන්නට ද පුරෝගාමී වූයේ "හෝ" ය. 1964 වියට්‌නාමයේ පැවැති මැතිවරණයෙන් තෙමසකට පසු එක්‌සත් ජනපදය වියට්‌නාමයට විරුද්ධව Operation
Rolling Thunder මෙහෙයුම ආරම්භ කළේය. මෙවර හෝ ට සිදුවූයේ ඇමරිකා එක්‌සත් ජනපදයට එරෙහිව සටන් වැදීමටයි. වියට්‌නාමයට ඇමරිකානු හමුදා හෙළු බෝම්බ ප්රමාණය ටොන් මිලියනය ඉක්‌මවා තිබිණි. මෙම සටනේදී වියට්‌නාමයේ විනාශ වූ ආර්ථිකය ගණනය කළ විට ඊට වඩා වැඩි වියදමක්‌ වියට්‌නාමයට බෝම්බ හෙළීම වෙනුවෙන් ඇමරිකාව වැය කොට ඇති බව කියෑවේ.ඇමෙරිකාවට කිසි දිනක අමතකනොවන පාඩමක් ඉගැන්වීමට සමාජවාදී වියට්නාම් වැසියනුත්, එයට නායකත්වය දුන් හෝ චෝ මින් සහෝදරයාත් සමත් වීම ලෝක ඉතිහාසයේ රන් අකුරින් සටහන් වී ඇත.උතුර හා දකුණ එක් කරමින් පසුව වියට්නාම් සමාජවදේ ජනරජය බිහි විය.
1969 සැප්තැම්බර් 21 වැනි දා වියට්‌නාම් ජනතාවගේ "ආදරණීය හෝ මාමා" මියගියේ හෘදයාබාධයක්‌ වැළඳීමෙනි. "හෝ" ගෙනගිය අරගලය අඛණ්‌ඩව ඉදිරියට ගෙන ගිය ඔහුගේ සගයෝ හෝ ගේ මරණයෙන් සය වසකට පසුව එනම් 1975 දී නිදහස්‌ හා එක්‌සත් වියට්‌නාමයක අරුණලු දකින්නට සමත් වූහ.

වියට්‌නාමයේ අගනුවර වූ සයිගොන් හෙවත් වත්මන් හෝ චී මිං පුරවරයෙහි ඔවුන් එදා ප්රදර්ශනය කළ පෝස්‌ටරයක මෙසේ සටහන්ව තිබිණි.

"හෝ මාමේ
නිබඳවම අප සමඟ
යුද බිමෙහි රැඳී හිඳිනේය නුඹ"
ආසියාවටම ආඩම්බරයක්‌ වූ වියට්‌නාමයේ 'හෝ' මාමා

වියට්‌නාමයේ අග නගරයෙහි හෝ චි මිං සොහොන් ගෙය තුළට ගියහොත් අද ද ඔබට ඔහුගේ සුරක්ෂිාත නිසල දේහයට හිස නමා ආචාර කොට පැමිණිය හැකිය.

No comments:

Post a Comment