Monday 10 June 2013

කළමාණාකාර අධ්‍යක්ෂවරියක් වූ චීන ජාතික කාන්තාවකට ලිංගික අතවර

අගලවත්ත, බැල්ලපිටිය මාර්ගයේ සංවර්ධන කටයුතු කරන විදේශීය සමාගමක චීන ජාතික කාන්තාවකට ඇයගේ නවාතැන්පළේදී පුද්ගලයෙකු ලිංගික අතවරයක් සිදුකළැයි එම කාන්තාව බුලත්සිංහල පොලිසියට පැමිණිලිකර ඇත. චීන සමාගමකට අයත් මානව සම්පත් පිළිබඳ කළමාණාකාර අධ්‍යක්ෂවරියක් වූ කාන්තාව පසුගිය (07) වැනිදා බුලත්සිංහල කෝබවක දෙහිකඩය ප්‍රදේශයේ සිය නවාතැන්පළේ සිටියදී රාත්‍රී පැමිණි පුද්ගලයෙකු ඇයව බදාග‍න සිප ගත්තායි පැමිණිලි කර ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරික්ෂණ ආරම්භකර ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.

No comments:

Post a Comment