
එදින ඔවුන් මුහුදට බොට්ටුව තල්ලු කරද්දි පසුදින අළුයම මහා සුළං සමග දැඩි වර්ෂාවක් කඩා වැටෙන බව නිසැකව දැන සිටියා නම් මාලු අල්ලන්ට ඔවුන් යන්නේ නැත. ඒ වෙනුවට අඹු දරුවනුත් සමග තියෙන දෙයක් කා බී කුප්පි ලාම්පුව හෝ විදුලි බල්බය නිවා දමා නින්දට වැටෙනු ඇත. ඔවුන් මුහුදු ගියේ අඹු දරුවන් රකින්නටය. ඒ වගේම රටේ ජනතාවගේ ආහාරය සඳහා මත්ස්‍ය අස්වැන්න සුපුරුදු පරිදි රැගෙන එන්නටය. එහෙත් ඒ සියල්ල ඔවුන්ට අහිමි විය. චණ්ඩ රුළි සමග ඇදී ආ සුළඟට හා වර්ෂාවට අසු වී බෝට්ටු කණපිට පෙරළී ගියේය. මහ මුහුදේ,ඝන කළුවරේ ආතක් පාතක් නැති සාගරයේ ඇද වැටී ලුණු වතුර පෙවී, ගිලී ඔවුන් මිය ගියහ.
හෙට අනිද්දා වනවිට තවත් ධීවරයින්ගේ මළ සිරුරු ගොඩට ගසනු ඇත. ඔවුන්ගේ දෙමව්පියන්, භාර්යාවන්, සහෝදර සහෝදරියන් දෑත් හිසේ ගසා ගනිමින් විලාප තබා හඬා වැටෙනු ඇත. එතැන් සිට ඔවුන්ගේ ජීවිතවලට සිදුවිය හැක්කේ කුමක්ද? ඒ ජීවිත බඩගින්නේ හඬන විට කුස පුරවන්නේ කවුරුන්ද? විශාල හිස්තැනක් තිබේ. මෙවැනි හිස්තැන් අද සමාජයේ බහුල ය. ඒ

ධීවරයින් රැසක් මියගියේ ස්වභාවික කාලගුණික විපර්‍යාසයක් හේතුවෙන් බව ජනතාවට ඒත්තු ගන්වන්නට වගකිවයුතු උදවිය තැත් දරයි. කාලගුණය ගැන අනාවැකි කියන්නට දන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පමණයි. කාලගුණය ගැන අනාවැකි කියන්නට සාස්තරකාරයන් තවම රටේ බිහි වී නැත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියන අසත්‍ය කාලගුණ වාර්ථා පරදවන අනාවැකි කියන්නට සාස්තරකාරයින්ට හැකි වුවහොත් එය මහා ව්‍යාපාරයක් වනු ඇත. එහෙත් එවැන්නන් තවම රටේ බිහි වී නැත. ඒ නිසා ජනතාව මුළුමනින්ම විශ්වාසය තබා ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන අනාවැකි කෙරෙහිය.
එහෙත් ඔවුන්ගේ ප‍්‍රකාශවල කිසිම වටිනාකමක් නැත. රාජකාරියේ වගකීම ගැන හැඟීමක් නැති තරම් ය. ධීවරයින් රැසක් මියගොස් ඔවුන්ගේ දරු පවුල්වලටද මුහුදට පැන දිවිනසා ගන්නට සිදු වී තිබෙන දුක්මුසු තත්ත්වයක් යටතේ කාලගුණයේ ලොක්කෝ කියන්නේ “අන්තර් මෝසම් සුළඟ සක‍්‍රිය

ගෙවල් දොරවල වහල සුළඟට ගියත් කමක් නැත. රූස්ස ගස් මහා මාර්ගවලට, දුම්රිය මාර්ගවලට ඇද වැටී ගමනාගමනයට බාධා සිදු වූවාත් කම් නැත. කොළඹ හා අනෙකුත් නගරවල බොක්කු කටවල් තැඹිලි, කුරුම්බා කෝම්බ හා පොලිතින්වලින් සිරවී කුණු වතුරින් පහත් බිම්වල ලෑලි ගෙවල් යට වී ගියත් ප‍්‍රශ්නයක් නැත. වෙරළේ තිබෙන ගෙවල් සුළඟට අසු වී ගසා ගෙන ගියත් දුකක් නැත. මන්ද ඔවුන්ගේ ජීවිත බේරී තිබෙන බැවින් ය. ජීවිත ප්‍රමාණයක් විනාශ වී ගිය විට මොන කෙහෙල්මලක් තිබුණත් වැඩක් නැත.
මේ පුංචි වටිනා දේ අපට ඉගෙන ගන්නට ලැබෙන්නේ පාසල් සමයේ සිටයි. ඒ මිනිසාගේ ජීවිතවල තිබෙන වටිනාකමයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් මේ පාඩම ඉගෙන ගෙන නැතුවා නොවේ. නිලධාරිවාදය, කම්මැලි ප‍්‍රතිපත්ති, වරදාන සහ දේශපාලකයන්ට කඩේ යාම නිසා ඒ පාඩම ඔවුන්ට අමතක කරන්නට සිදු වී තිබේ. ඇත්ත කතා කරන්නට, ඇත්ත කෙලින් කියන්නට මොවුන්ගේ කොන්ද හයිය නැත. ඒ නිසා හැම විනාශයකදීම කියන්නේ එක්කෝ බෙංගාල බොක්කෙන් හමා ආ සුළඟක් ගැනයි. නැත්නම් මෝසමක්

ඇත්ත කතාව නම් කාලගුණ අනාවැකි නිවැරැදිව කියන්නට අවශ්‍ය කරන නව තාක්ෂණික උපකරණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුට නොමැතිකමයි. ඒ බව කෙලින් කියන්නට එහි උසස් නිලධාරින් අකැමැතිය. මන්ද එසේ කියා ඇමැතිවරයාගේ හිත සවුත්තු කරන්නට බැරි නිසාය. ඇමැතිවරයාගේ හිත සවුත්තු කිරීම නිසා දඬුවම් විඳින්නට ද සිදුවන බව ඔවුන්ට සිහිපත් වෙයි. ඊට පස්සේ රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවේ ‘පූල්’ එකට වැටී පැන්ෂන් යනතුරු කට්ට කන්න සිදුවන බව මොවුන් දනී. ඒ නිසා ඇත්ත වසා, ජනතාව අන්දවන රාජකාරිය හරි අපූරුවට කාලගුණය දිගටම කරගෙන යයි. එහි වන්දිය ගෙවන්නට සිදු වී තිබෙන්නේ ජනතාවටයි. ජනතාව යනු රටේ වැඩ කරන, ආර්ථිකය පෝෂණය කරන මිනිසුන්ය. ඒ මිනිසුන්ගේ ජීවිතවල දැඩි වගකීමක් දරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මිනිසුන් මැරී වැටෙද්දී බහුභූත කියති. කියති නොව, දොඩවති.
හැමදාමත් අපට කාලගුණ අනාවැකි මුලින්ම ඉලෙක්ට්‍රොනික් ජනමාධ්‍ය ඔස්සේ අසන්නට ලැබේ. පසුදින පුවත්පත්වලත් ඒවා පළ කෙරේ. රටේ ලොකුම, වැදගත් බොරුවට මුදිත හා විද්‍යුත් ජනමාධ්‍යවලින් ලැබෙන්නේ ඉහළම තැනකි. කලින් සකස් කළ පල් හෑල්ලක් කාලගුණයේ නිලධාරියෙක් හෝ නිලධාරිනියක් දුරකතනය ඔස්

අපේ රටේ දැන් බොහෝ වැඩ කටයුතු කෙරෙන්නේ ඇමරිකාවේ සහ ඔස්ටේ‍්‍රලියාවේ ක‍්‍රමයට බව පෙනේ. එය ඉතා හොඳ දෙයකි. එම රටවල තිබෙන අළුත් නීති රටට හඳුන්වා දෙයි. නගර අලංකාර කරයි. බීමත් සහ මාර්ග නීති කඩන රියදුරන්ට දැඩි දඬුවම් ලබා දෙන නීති ක‍්‍රියාත්මක කරයි. අධිවේගි මාර්ග සකස් වෙයි. ඒ වගේම එම රටවල කාලගුණ අනාවැකි ගැනත් ආණ්ඩුව කල්පනා කර බැලීම වටී. සීත සෘතුවේ ඒ රටවල මහ වැසි සමග හිම කඩා වැටේ. එහි කාලගුණික තත්ත්වය ගැන දැඩි අවධානයෙන් පසුවන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු රාත‍්‍රියේ සමහර දිනවලදී පවසන්නේ එදින රාත‍්‍රි අසවල් වේලාවෙන් පසු වැස්ස සහ හිම පතනය නැවතී පසුදින හොඳින් සූර්‍ය ආලෝකය පතින වන බ

ඒ වගේම ග‍්‍රීස්ම සෘතුවේ පිටතට යන්නට බැරි තරම් දැඩි අව් රස්සනයක් පවතින විට හිටිහැටියේ කාලගුණ අනාවැකියෙන් පවසන්නේ පසුදින අසවල් වේලාවේ සිට අසවල් වේලාව දක්වා වැසි කඩා වැටෙන බවයි. ඒ අනුව ජනතාව කුඩ, වැහිකබා, හිස්වැසුම් ගෙන පසුදින මගට බසින අතර ඒ කියන වේලාවට අහස අඳුරු කර වැසි වැටෙන්නට පටන් ගනී. එම රටවල කාලගුණයට වරදින්නේ කලාතුරකිනි. හැමදාමත් කාලගුණය ජනතාවට වැරැදි තොරතුරු සැපයුවොත් ඒවායේ නිලධාරීන්ට රස්සා දමා ගෙදර යන්නට සිදුවෙයි. නමුත් එවැන්නක් සිදු නොවන්නේ කාලගුණ අනාවැකි පවසන්නට අවශ්‍ය කරන නවීන තාක්ෂණයෙන් එම දෙපාර්තමේන්තු පොහොසත් බැවිණි. ඔවුන් ඇමැතිවරුන් පිනවන්නට ජනතාවට බොරු නොකියති. කරන්න බැරි නම් වැඬේ දමා ගසා කරන්න පුළුවන්

අපේ රටේ කාලගුණය අද වහින බව කිව්වොත් වහින්නේ නැත. හෙට පායන බව කිව්වොත් මොර සූරන වැස්සය. වැඩි දුරක් යන්නට අවශ්‍ය නැත. 08 වැනිදා රාත‍්‍රි 10 ට පමණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයෙක්ට කතා කර 09 දවස මොන වාගේ වේදැයි විමසුවෙමි. ඔහු පැවසුවේ 09 වැනිදා ද දැඩි සුළං සමග වර්ෂාව කඩා වැටෙන බවත්, ධීවර හා නාවික කටයුතු සඳහා මුහුදු යාම අනතුරුදායක බවත්ය. නමුත් 09 වැනිදා වැසි පොදක් කොළඹට හෝ තදාසන්න ප‍්‍රදේශවලට ඇද හැලුනේ නැත. සුළඟක් හැමුවෙත් නැත. ඉර හොඳින් පායා තිබිණ. කාලගුණ විද්‍යඥයා මොන සාස්තරයක් උපයෝගී කරගෙන මෙම අනාවැකිය කිව්වාදැයි මම නොදනිමි.නමුත් ඔහු කී දෑ අකුරක් නෑර මම වාර්ථා කළෙමි. එසේ නම් ජනතාව වෙනුවෙන් 08 වැනිදා රාත්‍රියේ මම වාර්ථා කර ඇත්තේ පට්ටපල් බොරුවකි. ඒ වෙනුවෙන් මට සමාවෙන්න.
අනුර තොරෙස් ලියයි
No comments:
Post a Comment