Wednesday 5 June 2013

ඩෙංගු වලින් නීති පීඨයේ සිසුවියක් මියයයි


ඩෙංගු රෝගය වැළඳීමෙන් කොළඹ නීති පීඨයේ දෙවන වසර ශිෂ්‍යාවක අද අලුයම මියගිය බව කොළඹ නීති පීඨයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙසේ මියගොස් ඇත්තේ මාවනැල්ලේ නිසංසලා ප්‍රියන්ති සමරසිංහ නැමති ශිෂ්‍යාවක වන අතර මියයන විට ඇය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි.
ඇයට ඩෙංගු රෝගය වැළඳී තිබෙන්නේ විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේදී බවට සැක කෙරේ.
ඩෙංගු මදුරු කීටයින් හා කීටයින් බෝවන ස්ථාන හමුවීම නිසා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය තාවකාලිකව වසා දමා පිරිසිදු කරන ලෙස කොළඹ මහ නගර සභාව එහි උප කුළපතිවරයාට නිර්දේශ කර තිබුණි.
නීති පීඨයේ සිසුන් කිහිප දෙනෙකුටම මේ වනවිට ඩෙංගු රෝගය වැළඳී තිබෙන බවද හෙළිවේ.

No comments:

Post a Comment