Tuesday, 4 June 2013

" විප්ලවය යනු ඓතිහාසික අවශ්යතාවයක පැන නැගීමක් මිස හිතුවක්කාරකමේ හෝ පුත්ගල කැමැත්තක ප්රතිපලයක් නොවේ.

කියුබානු විප්ලවය දෙස නැවත හැරී බලමු...
 
" විප්ලවය යනු ඓතිහාසික අවශ්යතාවයක පැන නැගීමක් මිස හිතුවක්කාරකමේ හෝ පුත්ගල කැමැත්තක ප්රතිපලයක් නොවේ. කිසිවෙකුට විප්ලවය වැළක්විය නොහැකිවාක් මෙන්ම විප්ලවය බලෙන් පැටවිය නොහැක. විප්ලවය වනාහී අති මහත් අවශ්යතාවයක පැන නැගීමකි "

පිදෙල් කස්ත්රෝ: 'සන්නද්ද අරගලයේ වැඩ කොට්ස කෘතියෙන්....

කියුබානු විප්ලවය විශේෂතා රැසකින් සමන්විතය. සටන තුලින් ජනතාව සංවිධානය කිරීම එහි තේමාව විය. එයට නායකත්වය දෙනු ලබුවේ කොමියුනිස්ට් පක්ෂයකින් නොව 'ජුලි 26 ව්යාපාරයයි ' එතුල රැස්වූ පිරිස් කොමියුනිස්ට් වාදීන් හෝ සමාජවාදීන් නොවුහ. බහුතරය දේශප්‍රේමී බැටිස්ටා විරෝධීන් විය.
ඒකාධිපති පාලනයකට එරෙහිව , ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් , ජාතික විමුක්තිය උදෙසා රොදබැඳුනු සටන්කාමීන්ගෙන් අරගලය පිරී තිබුනි. නමුත් එහි දිශානතිය වුයේ සමාජවාදයයි.

චේ ගවේරා කියුබානු විප්ලවය ගැන මෙසේ පැවසුවේය.."

"කියුබානු විප්ලවය සුවිශේෂී සිදුවෙමකි.එය ලෝකයේ අධිරාජ්යවාදීන්ගේ ලේ කෝපයෙන් රත් කරවීය. එයින් ලෝකය පුර විසිරී සිටින හෝ යටත් පිරිසෙයින් ලෝකයේ මෙම පෙදෙසේ වසන අගහිඟයෙන් පෙළෙන්නවුන්ගේ ලෙයද අපේක්ෂාවෙන් උණුසුම් විය. එය අභ්‍යන්තර අනිවාර්යතා හා බාහිර ආක්‍රමණ හේතුවෙන් , සමාජවාදී විප්ලවයක් බවට පරිනාමය වූ ගොවිජන වැඩවසම් විරෝධී සහ අධිරාජ්ය විරෝධී විප්ලවයකි.සමස්ත ඇමෙරිකාව හමුවේ එය ඇති සැටියෙන්ම ප්රකාශ කර සිටින්නේ එහි සමාජවාදී ස්වභාවයය."

චේ ගවේරා: 'සමාජවාදය සහ මිනිසා සහ වෙනත් රචනා කෘතියෙන්...

සපාඤඤ, ඇමෙරිකානු බලහත්කාරයෙන් හෙම්බත්ව සිටි කියුබානු ජනතාව අතර පැහැදිලිවම විෂය මුල තත්වයන් පැන නැගී තිබුණි. 1934 මැයි 29 වනදා කියුබානු ව්යවස්ථාවට ඇමෙරිකාව විසින් බලහත්කාරයෙන් 'ප්ලැට් ' නම් සංශෝදනය එක කරන ලදී. ඉන් පසුව දේශීය කර්මාන්ත වැසී යන අතර අත්යාවශය භාණ්ඩ අමෙරිකාවෙන් පමණක් ගෙන් වීමට බල කර සිටි. මේ තුලින් කියුබාව දිළිඳු රාජ්යක් බවට පත් වී ශ්රමිකයන්ට වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි විය. 1940 ආරම්භවූ බැටිස්ටාගේ පාලනයත් සමගම කියුබාව ඇමෙරිකානු රූකඩයක් බවට පත් විය. දිළිඳු කම, නුගත්කම, දුරාචාරය රජ විය. හවානා නගරය ඇමෙරිකානුවන්ගේ ගනිකා මඩමක් විය. ජනතාව ඇමෙරිකානු උක් වතු වල හා දුම්කොළ වතුවල වහලුන් සේ වැඩ කළේය. කාන්තාවන්ට ගණිකාවක් වීම හැර වෙනත් විකල්පයක් ඉතිරි කලේ නැත. 

සම්ප්රදායික වමේ පක්ෂ මෙන්ම අනෙකුත් දේශපාලන ව්යාපාර නිද්‍රාශීලී මොහොතක 1953 ජුලි 26 දින ඓතිහාසික මොන්කාඩා ප්රහාරය පිදෙල් ගේ නායකත්වයෙන් එල්ල විය. එය අසාර්ථක වුවද කියුබන් විප්ලවයේ පළමු වෙඩි මුරය විය. පසුව අරගලය දියත් කරන්නේ 'ජුලි 26 ව්යාපාරය ' විසිනි.

ඒ පිළිබඳව චේ මෙසේ සඳහන් කරන්නේය....

" අනතුරුව පැමිණියේ ගරිල්ලා අරගල අදියරය. එය විශද පරිසර දෙකක් තුල සංවර්ධනය විය. ඉන් එකක් සමන්විත වුයේ එක්රැස් කොට මෙහෙයවිය යුතු තවමත් නිදාසිටි ජනතාවගෙනි. අනෙක එක්රැස් කොට මෙහෙය විය යුතු චාලක බලය වූ විප්ලවීය සවිඥ්ඥානකත්වයෙහි සහ සටන්කාමී උත්යෝගයෙහි ජනක යන්ත්‍රය වූ , ජනතාවගේ පෙරටු බලඇණිය වූ ගරිල්ලා වරුන්ය. ජයග්රහණයට අනිවාර්ය මනෝමුලික තත්ත්ව නිර්මාණය කල උත්පෙරක ජනක නියෝජිතයා වුයේ මෙම බලඇණියයි"

චේ ගවේරා : 'සමාජවාදය සහ මිනිසා සහ වෙනත් රචනා කෘතියෙන්....

1953 දී සිරගත කරන පිදෙල් නිදහස් කිරීමට හේතු වුයේ ජනතා විරෝධයයි. ඔහු 1955නිදහස් කරන ලදී ජනතාවගේ සහය අරගලය පුරාම දක්නට ලැබුණි. ජුලි 26 ව්යාපාරයේ ප්රමුක පෙලේ නායකයෙකු වූ ෆ්රෑන්ක් ෆයාස් ගේ ඝාතනයත් සමගම ජනතාව දහස් ගණනින් ආණ්ඩුවට එරෙහිව වීදි බසින ලදී. ඉන් බැටිස්ටා අවබෝධ කරගත්තේ ජනතාව පිදෙල් සමග සිටින බවයි. කියුබානු විප්ලවය ගරිල්ලා සටනක ප්රතිපලයකට වඩා පොදු ජනතාවගේ කැමැත්ත මත සිදුවිය.

කියුබානු විප්ලවය අලුත් අත්හදා බැලීම් , ආදර්ශයන්ගෙන් පිරී ඇත. ගරිල්ලා සටන නම් සම්ප්රදායික නොවන අරගල ආකෘතිය බිහිවන්නේ කියුබානු විප්ලවය තුලිනි. විප්ලවය පුරාම උපාය හා උපක්රනම තේරීම ඉතා ඉහල අගයක තිබුණි. ඒ අතරම අරගලයේ වීරත්වය , කැප කිරීම , අධිෂ්ඨනය, අරගලය තුල තිබිය යුතු විනය හා ප්රතිපත්ති ගරුක බව අරගලයට ජනතා සහය ලැබීමටද , එය ජයග්ර,හණයෙන් කෙල වර වීමට මහත් සේ බලපෑවේය. පිදෙල්, චේ, රාවුල්, කැමිලෝ , අබෙල් සාන්ත මරියා, ජුවාන් අල්මේදා, හයිඩ් සාන්ත මරියා, සිලියා සන්චෙස් වැනි විප්ලවීය නායකත්වය තුල පෙන්වූ විශිෂ්ට කොමියුනිස්ට්වාදී ගුණාංග , ආදර්ශයන් තවමත් අනභිබවනීයය. අරගලයේ ආචාර ධර්ම හා ප්රතිපත්ති පිලිබඳ " මගේ ජීවිතය කෘතියේ පිදෙල් මෙසේ සඳහන් කර ඇත.
" ඔබ ප්රතිපත්තිගරුක විය යුතුය. ජනතාව සඳහා ප්රතිපත්ති සේම ඔබේ සතුරන් සඳහා ප්රතිපත්තිද ඔබට තිබිය යුතුය. නැතිනම් ඔබට ජය ගත නොහැකිය"
" ඔබ සතුරාගේ ගෞරවයට පාත්රතවිය යුතුය. සතුරාට තදින් පහර දිය යුතුයි ..එහෙත් අවමන් නොකළ යුතුයි.."

ජොසේ මාටිගේ ඉගැන්වීම් තුලින් සිය අධ්යාත්මය පෝෂණය කල පිදෙල් සැබෑ කොමියුනිස්ට්වාදියෙක් තුල තිබිය යුතු ප්රධාන ලක්ෂණයක් වූ ප්රතිලාභ අපේක්ෂාවෙන් තොර වූ සටන් කිරීමේ සාරධර්මයට පමණක් යටත් වූ මිනිසුන් දහස් ගණනින් බිහිකිරීමට සමත් ... 

                                                                 සටහන ...බන්ඩාර

ජොසේ මාටිගේ ඉගැන්වීම් තුලින් සිය අධ්යාත්මය පෝෂණය කල පිදෙල් සැබෑ කොමියුනිස්ට්වාදියෙක් තුල තිබිය යුතු ප්රධාන ලක්ෂණයක් වූ ප්රතිලාභ අපේක්ෂාවෙන් තොර වූ සටන් කිරීමේ සාරධර්මයට පමණක් යටත් වූ මිනිසුන් දහස් ගණනින් බිහිකිරීමට සමත් විය.

No comments:

Post a Comment