Tuesday 11 June 2013

ජේම්ස් පැකර් වැනි මළ පෙරේතයින්ට දොළ පිදේනි දෙද්දී බලසේනා බලකායවල් කැබිනට් මණ්ඩලය වටලන්නේ නැතිද? -ආචාර්ය දඹර අමිල හිමි


ආණ්ඩු ඇතුලේ අවජාතක ආණ්ඩු හදන ජේම්ස් පැකර්ලා වැනි සූදු රජවරුන් ගැන බලසේනා බලකායවල ප්‍රතිපත්තිය කුමක්ද? මේවාට අවසර දෙන කැබිනට් මණ්ඩලය වටලනවාදැයි අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ආචාර්ය දඹර අමිල හිමියෝ ප්‍රශ්න කරති. මෙවැනි මළ පෙරේතයන්ට දොල පිදේනි දීමට එරෙහිව බෞද්ධ කතෝලික හින්දු ආගමික නායකවරු පෙළ ගැසිය යුතු යැයිද අමිල හිමියෝ පැවසූහ අද කොළඹ නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ වැඩිදුරටත් මෙසේ කීහ

"එතරම් තොරතුරු අප සතුව නොතිබියදී කැසිනෝ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අනතුර කල් තියා හැඳිනගෙන අප මාධ්‍ය දැනුවත් කළා. අද වනවිට ඒ සම්බන්ධව පිලිගතහැකි තොරතුරු සාධක සහිතව කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව උදාවෙලා තියෙනවා. මාස කිහිපයකට කලින් ජේම්ස් පැකර් නම් ඔස්ටේ්‍රලියානු ජාතික කැසිනෝ රජා ලංකාවට පැමිණ දේශපාලන අධිකාරියේ බලධාරීන්, ප්‍රධානීන් හමුවෙලා කැසිනෝ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අවශ්‍ය සාකච්ඡාවක් කරලා ගියා. කවුද හමුවුණේ, මොනවද සාකච්ඡා කළේ, ඒ පිළිබඳ තොරතුරු අප සතුව තිබුනේ නැහැ. ඒ පිළිබඳව ඔත්තුවක් පමණයි තිබුණේ. සාකච්ඡාවේ ප්‍රතිඵල දැන් හෙළිවෙලා තිඛෙනවා. පසුගිය 29වනදා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක‍ෂ ජනරාල්වරයා විසින් ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකර තිඛෙනවා. එයින් ජේම්ස් පැකර්ගේ වන්දනාවේදී සාකච්ඡා කරන ලද, එළඹෙන ලද තීන්දු තීරණ හෙළිදරව් වෙනවා. කැසිනෝ මධ්‍යස්ථානයට අවසර දී තිඛෙන්නේ ආණ්ඩුවේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බව ඉන් පැහැදිලි කොට තිඛෙනවා. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඒ බව සඳහන් කරනවා. එමෙන්ම එම කැසිනෝ මධ්‍යස්ථානය සඳහා වරදාන, බදු සහන අසීමිතව ලබාදීමට තීරණය කොට තිඛෙනවා. සාමාන්‍යයෙන් බදු සහන ලබාදෙන පිළිගත් නීති රීති සම්ප්‍රදායක් තිඛෙනවා. ඒවා අබිභවා යමින් සෙසු ව්‍යාපාරවලට ලබාදී නැති බදු සහන කැසිනෝ ව්‍යාපාරයට ලබාදෙන බව එම ලිපියෙන් පැහැදිලි වෙනවා.

ජේම්ස් පැකර් කැසිනෝ සමාගම ආරම්භ කොට වසර 10ක් යනතෙක් බදු සහන අයකරන්නේ නැහැ. තව දුරටත් එම වසර 10 කි්‍රයාත්මක වන්නේ සමාගම ආරම්භ කොට වසර 3ක් ගෙවී ගිය පසුයි. එම වසර 13න් පසුව තවත් වසර 12ක් බදු සහනය ලබාදීමට නියමිතයි. එහිදී කැසිනෝ ව්‍යාපාරයෙන් ලැඛෙන ලාභයෙන් 6%ක් හෝ/නැතිනම් සංචාරක හෝටල්වලට අයකරන බද්දෙන් 50%ක් බදු වශයෙන් අයකිරීමට නියමිතයි. එම ක්‍රම දෙකෙන් ජේම්ස් පැකර්ට වාසි සහගත බද්දක් අයකිරීමටද තීරණය කොට තිඛෙනවා. ඒ අනුව බැලූවාම ආසන්න වශයෙන් වසර 25ක බදු සහනයක් දොළ පිදේනියක් පැකර්ට ලබා දී තිඛෙනවා. ඊට අමතරව එම කැසිනෝ සමාගමේ ගොඩනැගිල්ල ඉදිකිරීම් ආශි්‍රත අමුද්‍රව්‍යවට වසර 4ක තීරුබදු නිදහස් කිරීමක් කොට තිඛෙනවා. එම සමාගමේ ආයෝජනය කරන කොටස් හිමියන්ගේ ලාභාංශවලට වසරක බදු සහනයක් ලබාදී තිඛෙනවා.

ජේම්ස් පැකර්ට මෙම ඉඩම ලබාදුන්නේ කුමන ප්‍රතිපත්තිය යටතේදැයි කිසිම සඳහනක් නැහැ. රජයේ සැපයීම් දෙපාර්තමේන්තුවට හිමි මෙම ඉඩම නිදහස් කළේ කුමණ පදනමක් යටතේදැයි සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම පසුගිය අප්‍රේල් පළවැනිදා සූදු පනතට ගෙන ආ සංශෝධන මගින් සූදු ව්‍යාපාර සඳහා රුපියල් මිලියන 100ක බද්දක් අයකිරීමට නියමිතයි. නමුත් ජේම්ස් පැකර්ගෙන් එම මිලියන 100 බද්ද අයකරන්නේ නැහැ. මෙමගින් පැන නගින කරුණු කිහිපයක් තිඛෙනවා. මහින්ද චින්තනයට අනුව, මහින්ද රාජපක‍ෂට ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂයන්ට අනුව ආණ්ඩුව කැසිනෝ සහ සූදු ව්‍යාපාරයට දෙන සහන සාධාරණද? ආණ්ඩුවේ ආර්ථීක සංවර්ධන ක්‍රමඋපාය ප්‍රතිපත්තිය කැසිනෝ හා සූදුවද? මහින්ද රාජපක‍ෂ එවැනි තීරණයකට ඇවිත් තිඛෙනවාද? ආශ්චර්යය ගොඩනැගීමේ නොතිත් ආශාවෙන් පෙළෙන එය තමන්ගේ සිහිනය බවට පත්කරගත් නායකයාගේ තීරණය ඒකද? 74%ක් වූ බෞද්ධයන්ගේ නියෝජිතයා යයි කියන බලසේනාවේ ස්ථාවරය මොකක්ද? අනුන්ගේ අතේ තිඛෙන සල්ලිවලින් කෑදරකමින් මඩි තරකරන රාජ්‍ය භාණ්ඩාගාර පුරවන ආණ්ඩුවේ, මහින්ද රාජපක‍ෂගේ මෙම කි්‍රයා ගැන බලසේනා, බලකායවල් මොකද කරන්නේ? කැසිනෝ මධ්‍යස්ථාන වටළනවාද? ආණ්ඩුව මුදල් අමාත්‍යංශය, කැබිනට් මණ්ඩලය වටළනවාද? ඔවුන් රටට පැහැදිළි කළ යුතුයි. ආණ්ඩුවේ බහුජන සංවිධාන වන බලසේනා, බලකායවල්, බලවේගවලින් අහන්න ඕනෑ මොකක්ද මේකට කරන්නේ කියලා.

මෙම කැසිනෝ මධ්‍යස්ථානය ඉදිකිරීමට යන ඉඩම ආසන්නයේ තිඛෙන්නේ සම්බෝධි විහාරයයි. පන්සල ආසන්නයේ කැසිනෝ සූදුව සදාචාර විරෝධී කි්‍රයාවක් සිදුවෙනවා. මෙම සූදුවෙන් පංච දුශ්චරිතයම හට ගන්නවා. සූදුව, මත්පැන්, ගණිකාවෝ, හැම දේම සූදුවට අදාළයි. මේ ස්ථානවල සීල ව්‍යාපාර සිදුවන්නේ නැහැ. මේවා කළු සල්ලිකාරයන්ගේ මනදොළ සපුරන ස්ථානයි. බුද්ධාගමට අනුව, මහින්ද රාජපක‍ෂගේ වන්දනාවන්ට අනුව, ඔහු අඳින ඇඳුමේ සුදු පැහැයට අනුව, සියම් නිකායෙන් දුන් තනතුරු තානාන්තරවලට අනුව, ඔහුගේ සුජාත ලක‍ෂණවලට අනුව ඒවා ගැලපෙනවාද? බලසේනා වටළන්න ඕනෑ ව්‍යාපාරික ස්ථානද?, මෙවැනි පාලකයින්ගේ තැන්ද කියලා ප්‍රශ්න කරන්න ඕනෑ. ඔබ දන්නවා මැලේසියාව, හොංකොං, කොරියාව ආදී රටවල් ආර්ථීක වශයෙන් බිඳවැටුනා. ඒ පිටුපස සිටියේ අධිරාජ්‍යවාදයයි. අධිරාජ්‍යවාදය රටවල් බිඳදැමීමේ සාකච්ඡා සිදුකරන්නේ මෙවැනි කැසිනෝ ගුබ්බෑයම්වලයි. කැසිනෝ මධ්‍යස්ථාන රටක පුංචි ආණ්ඩු වගෙයි. මෙවැනි කැසිනෝ මධ්‍යස්ථාන හරහා අධිරාජ්‍යවාදීන් මන්තී්‍රවරු මිලදීගැනීමේ, රටට හිතවාදී පුද්ගලයන් ඝාතනය කිරීමේ පිඹුරුපත් සැකසීමේ, නායකයන් මාරු කිරීම ආදී හැම දේම පිළිබඳව තීන්දු, තීරණ ගන්නවා. මේවා හරියට පුංචි පාර්ලිම්න්තු වගේ. විපක‍ෂය නැටවෙන්නෙත් මේ ජාවාරම්කරුවන්ගේ වුවමනාවන්ටයි. අධිරාජ්‍යවාදීන්ගේ උපාය මාර්ග ධනය වැගිරීම, ශ්‍රමය යෙදවීම, ප්‍රතිපත්ති නිර්මාණය සිදුවන්නේ කැසිනෝ ගුබ්බෑයම්වලයි. මෙම දුරාචාරය රටට ඛේදවාචකයක් වගේම එය දේශපාලනයත් වෙනවා. අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ අප මෙය ඉවසන්නේ නැහැ. දේශපාලන, සමාජ, ආර්ථීක තීන්දු ගැනීමේ ඉඩ කැසිනෝ හල්වලට විතැන් වීම අනතුරුදායකයි. එය තීරණය කළ යුත්තේ ඡන්ද බලය හිමි අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවයි. ජනතාවගේ පරමාධිපත්‍ය බලය කියන්නේ ඒකයි. මෙම බලය මංකොල්ල කන්න නැත්නම් ජේම්ස් පැකර්ට තිළිණ කරන්න ඉඩ දෙන්නේ නැහැ. ජාතික ආරක‍ෂාවට වගේම රටේ ස්වාධීනත්වයටත් ප්‍රශ්නයක් වෙනවා.

එනිසා මෙම දුරාචාරය වර්ධනයට යන ගමන ප්‍රශ්න කළ යුතුයි. බෞද්ධාගමික හිමිවරු වගේම කි්‍රස්තියානි, කතෝලික, හින්දු ආගමික නායකයින් මීට එරෙහිව පෙළගැසිය යුතුයි. මෙවැනි මළ පෙරේතයන්ට දොළ පිදේණි දීමේ අනතුර හඳුනාගත යුතුයි. මේ රටේ සුජාත පුරවැසියන් හැටියට එම වගකීම අප සතුව තිඛෙනවා.

අපේ රටේ නිෂ්පාදන කර්මාන්තය, සේවා සැපයීම, දියුණු කිරීමේ හොඳ පසක් අප රට සතුව තිඛෙනවා. කෘෂිකර්මාන්තයට අවශ්‍ය සරුසාර පොළවක්, වටිනා ගංගා ඇලදොළ පද්ධතියක් තිඛෙනවා. එම භූමියේ නිෂ්පාදනය ප්‍රවර්ධනය කොට ජනතාවට තුන් වේල සපායා දීම රජය සතු කාර්යභාරයයි. කෘෂිකර්මාන්තයට පස්ස හරවන්න රජයට බැහැ. අපේ ගොවීන්ගේ කෘෂි බෝගවලට ඇතිවෙන්න බදු ගහන ආණ්ඩුව පොහොර සහනාධාරයත් කපනවා. ගොවිතැනින් ගොවියා පිටමං කරනවා. හැම දේම පිටරටින් ගෙන්වනවා. සුළු කර්මාන්ත ආරම්භ කිරීමට අවධානය යොමු කරන්නේ නැහැ. අඩුම තරමින් ඉ`දි කටුවක් හදන්න කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න මේ ආණ්ඩුවට පුළුවන්ද? සියල්ල දුරාචාරයට ඉඩ දෙන ව්‍යාපාර ආරම්භ කරමින් තිඛෙනවා. ජාතික උරුමයන් යොදා ගනිමින් දියුණු සංචාරක ව්‍යාපාරයක් ගොඩනගනවා වෙනුවට සුද්දන්ගේ ජංගි පෙන්වන සංචාරක කර්මාන්තයක් හදනවා. අනුන් මත යැපෙන ආර්ථීකයක් ගැන බලාපොරොත්තු තබලා ආර්ථීක උපායමාර්ග ඒ අනුව සකස් කරනවා. එය ඉතා භයානක තත්වයක්. ඒ වගේම දුරාචාරය මත තබන විශ්වාසය ඉතාම භයානයකයි.

කැසිනෝ හල් අවට හැදෙන සැපයුම් මධ්‍යස්ථාන රටට ඉතාම අනතුරුදායකයි. අපේ සදාචාරයට පටහැනියි. සුජාත ආණ්ඩු ඇතුළේ අවජාත ආණ්ඩු හදන මෙවැනි කැසිනෝ රජවරු කැන්දා ගන්නා මහින්ද රාජපක‍ෂත් කැබිනට් මණ්ඩලයත් එයට අනුශාසනා කරන්නන් සම්බන්ධයෙනුත් තමන්ගේ ප්‍රතිපත්තිය කුමක්දැයි බලසේනා, බලකායවල්වලින් අප ප්‍රශ්න කරනවා මේ හරහාද ආශ්චර්යය උදා කිරීමට යන්නේ?" යි ආචාර්ය දඹර අමිල හිමියෝ කීහ

මේ අවස්ථාවට ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සහ ආයුර්වේද විශේෂඥ වෛද්‍ය නන්ද විෙජ්රත්න යන මහත්වරුද සහභාගි වූහ


No comments:

Post a Comment