Friday 7 June 2013

ජාත්‍යන්තර කොමියුනිස්ට් සමුළුවේදී ජවිපෙ යෝජනා සම්මත වෙයි

මැයි 31 ජූනි 2 අතර බෙල්ජි‍යමේ පැවති ජාත්‍යන්තර කොමියුනිස්ට් සම්මන්ත්‍රණ‍යේදී ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පහත කරුණු එහි අවසන් යෝජනා සකස් කිරීමේදී අවධානයට ගනු ලැබීය.
ස්වයං තීරණ අයිතිය පිළිබඳ සැලකීමේදී ‍එය පංති පදනම මත අවබෝධ කරගත යුතු අතර එසේ නැතහොත් අධිරාජ්‍යවාධයේ උදවු ලබද බෙදුම්වාදී සංවිධාන එය තම වුවමනා අනුව පාවිච්චිය‍ට ගනු ලබන බව ජවිපෙ අවධාරණය කරයි.
සම්පූර්ණයෙන්ම යෙන්මයයෙන්ම අධිරාජ්‍යවාදී ව්‍යුහයක් වන එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්වයං තීරණ අයිතිය නියෝජනය කරයි. අවසානයේ අධිරාජ්‍යවාදීන්ට වාසි සහගත වන අයිතියක් කොමියුනිස්ට්වාදීන් නියෝජනය කරන්නේ කෙසේද
අධිරාජ්‍යවාදීන්ගෙන් වෙන් වනු වෙනුවට එක් රටකින් කැඩී නව ධනේෂ්වර ජාතියක් බිහි වීම මෙම අයිතිය විසින් නියෝජනය කරන බව ජවිපෙ තදින් විශ්වාස කරයි. මෙම කරුණුද සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර කොමියුනිස්ට් සම්මන්ත්‍රණය යෝජනාව සම්මත කරගෙන ඇත.

No comments:

Post a Comment