Wednesday 5 June 2013

මහා පරිමාණ සූදු ව්‍යාපාරිකයකුට නීතියට පිටින් බදු සහන දෙන්න යනවා අනුර දිසානායක

බදුපිට බදු සහන ලබමින් ඡේම්ස්‌ පැකර් කැසිනෝ රජුගේ ක්‍රවුන් අධිරාජ්‍යයේ කොටසක්‌ බවට පත්වන නව සමාගම ශ්‍රී ලංකාව තුළ තවත් පුංචි ආණ්‌ඩුවක්‌ බවට පත්විය හැකි බව පෙනෙනවා යෑයි අනුර කුමාර දිසානායක මහතා (ප්‍ර. ජා. ස.) ඊයේ (4 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
ස්‌ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශයක්‌ කරමින් දිසානායක මහතා මෙසේද කීය.

මහා පරිමාණ සූදු ව්‍යාපාරයක්‌ සඳහා පවතින නීතිරීතිවලින් පරිබාහිරව බදු සහන ලබාදීමට යැම හේතුවෙන් පැනනගින ගැටලුකාරී තත්ත්වයක්‌ පිළිබඳ සභාවේ අවධානය යොමු කිරීමට අපේක්‍ෂා කරනවා.

ඡේම්ස්‌ පැකර් නම් ඔස්‌ටේ්‍රලියානු කෝටිපති කැසිනෝ කරුවා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බවටත් ආණ්‌ඩුවේ ඉහළ පෙළේ අය හමුවූ බවටත් පසුගිය කාලයේ ජනමාධ්‍යයන්හි මහත් ආන්දොaලනාත්මක පුවත් පළව තිබුණා. එහෙත් ඒ පිළිබඳ වැඩි විස්‌තර සහිත යමක්‌ එකල හෙළිදරව් වූයේ නැහැ. නමුත් පසුගිය 29 වැනි දින මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ආයෝජන මණ්‌ඩලයේ සභාපතිවරයා වෙත යවන පිළිතුරු ලිපියකින් ඉහත රහස්‌ සංචාරයන්හි ප්‍රතිඵල මනාව හෙළිදරව් කෙරෙමින් පවතිනවා.

මෙම ඡේම්ස්‌ පැකර්ගේ ඔස්‌ටේ්‍රලියානු ක්‍රවුන් සමාගම විසින් ලංකාවේ ඩී. ආර්. විඡේවර්ධන මාවතේ ආරම්භ කිරීමට යන මහා පරිමාණ කැසිනෝ සූදු ව්‍යාපාරය වෙනුවෙන් ලබා දීමට සුදානම්වන බදු සහන පිළිබඳ විස්‌තරයක්‌ එම ලිපියේ සඳහන් වෙනවා. එම ව්‍යාපාරය සඳහා විඡේවර්ධන මාවතේ රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව පිහිටි ඉඩම වෙන් කර ඇති බවත් විදෙස්‌ සමාගමට 55% ක්‌ද කොල්ලුපිටිය රෑන්ක්‌ එන්ටටේට්‌මන්ට්‌ නම් දේශීය සමාගමට 45% ක්‌ද වන පරිදි ලංකාවේ පිහිටුවනු ලබන නව කැසිනෝ සූදු සංකීර්ණයේ හිමිකම් ඇති බවත් එහි සඳහන් වෙනවා.

එම ලිපිය සඳහන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්‌වීමකදී සමස්‌ත ව්‍යාපෘතිය ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක්‌ ලෙසට තීරණය කර පහත බදු සහන ලබාදීමට නිර්දේශ කරන බවයි.

ආදායම් බදු නිදහස

ආයෝජන මණ්‌ඩලය විසින් තීරණය කරනු ලබන තක්‌සේරු වසරක සිට වසර 10 ක කාලයක්‌ සමාගම ලබන ලාභය මත බදු අය නොකළ යුතු බවද.

එම බදු නිදහස්‌ කාලය ඇරඹිය යුත්තේ, සමාගම බදු අය කළ හැකි ලාභ ලැබීමට පටන් ගන්නා වසරේදී හෝ වාණිජ මෙහෙයුම් අරඹා වසර 03 කට පසුව යන දෙකෙන් පළමු අවස්‌ථාවේදී බවද එහි සඳහන් වනවා. මේ අනුව කැසිනෝ සමාගම දළ වශයෙන් වසර 13 ක ආදායම් බදු සහනයක්‌ භුක්‌ති විඳිනු ඇති බව පැහැදිලියි.

එසේම බදු නිදහස්‌ කාලය අවසානයේ තවත් වසර 12 ක කාලයක්‌ සමාගමේ ලාභවලින් හා ආදායම්වලින් අයකළ යුත්තේ 6% ක්‌ හෝ හෝටල් කර්මාන්තයේ බදු ගණනයෙන් 50% ක්‌ යන දෙකෙන් අඩු අගය අනුව බවද එහි සඳහන් වෙනවා.

ඔට්‌ටු ඇල්ලීම සහ සූදු පනත

මෙම පනත යටතේ ගනුදෙනුකරුවන්ගෙන් එකතු කරගනු ලබන මුදල් මත 5% ක බදු ප්‍රතිශතයක්‌ අය කරගත යුතු බව කියන අතර ඊට දිරි දීමනා, වට්‌ටම් සහ ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීම සඳහා වූ ඒ ආශ්‍රිත වියදම් අයත් නොවිය යුතු බවද මෙහි කියා සිටිනවා.

ලාභාංශ මත බදු

සමාගමේ බදු නිදහස්‌ වසර 10 ක කාලය තුළත් තවත් වසරකටත්, කොටස්‌ හිමියන්ට ගෙවනු ලබන ලාභාංශ මත ආදායම් බදු අය නොකළ යුතු බව මෙහි තවත් නිර්දේශයක්‌ වෙනවා.

ආනයන මත රේගු බදු නිදහස

ව්‍යාපෘතියට අදාළ සමාගමේ ප්‍රාග්ධන ස්‌වභාවයේ සහ අදාළ සියලු අයිතමයන් ආනයනයේදී වසර 04 ක කාලයක්‌ රේගු බදු අය නොකළ යුතු බව කියා සිටිනවා.

මෙසේ ආනයනය කිරීමට ඉඩදෙනු නොලබන ලැයිස්‌තුවේ සඳහන් අයිතමයෙන් පවා රේගු බදු රහිතව ආනයනය කිරීමට ඉඩ සලසා දී ඇත්තේ ඒවා සම්පූර්ණයෙන් ලංකාවේ නිපදවන්නේ නැතිනම් හෝ ප්‍රමාණවත් ගුණාත්මක තත්ත්වයෙන්, අවශ්‍ය ප්‍රමාණයෙන් සහ අවශ්‍ය කාලයට ලබා ගැනීමට නොහැකි වන්නේනම් යන ලිහිල් කොන්දේසියකට යටත්වයි.

විනිමය හුවමාරු නියමයන් වලින් නිදහස

මෙම සමාගමත් එහි සමස්‌ත ව්‍යාපාරික ක්‍රියාවලියත් විනිමය හුවමාරු පනතේ ෂග ෂ්ග ෂෂග ෂෂෂග ෂඪග ඪ සහ ඪෂ යන කොටස්‌වලින් නිදහස්‌ කෙරෙන බව මෙම ලිපිය පවසනවා.

මෙම සමාගමට ලංකාවේ ඕනෑම වාණිජ බැංකුවක්‌ තුළ විදෙස්‌ මුදල් බැංකු ඒකකයක්‌ විවෘත කිරීමට සහ පවත්වාගෙන යැමට අවසර දිය හැකි බවද මෙම ලිපිය පවසනවා.

මෙම බදු සහනයන් සහ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතට අයත් බවට හඳුනා ගැනීම කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු ක්‍රියාත්මක වීමට නියමිත බවද එම ලිපිය කියා සිටිනවා. එසේම මේ සම්බන්ධව මෙයට කලින් නිකුත් කරන ලද සියලු ලිපි ඉවත් කරගන්නා බවට මෙහි සඳහන් වීම තුළින් බලවත් හස්‌තයක මැදිහත්වීමෙන් නව සහන නිර්දේශ නිර්මාණය වී ඇත්දැයි සැක උපදනවා.

ඔට්‌ටු ඇල්ලීම හා සූදු බදු පනතට පසුගියදා කරනු ලැබූ සංශෝධනය අනුව අප්‍රේල් 01 වැනි දිනෙන් පසුව ආරම්භ කරනු ලබන සූදු ව්‍යාපාරයක්‌ පවත්වා ගෙන යැම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 100 ක බදු මුදලක්‌ අය කළ යුතුයි. නමුත් මෙම ලිපියේ අඩංගු කරුණු අනුව මෙම ව්‍යාපාරය එයින්ද නිදහස්‌ කර ඇති බව පෙනෙනවා. එසේම සාමාන්‍යයෙන් මෙවැනි ව්‍යාපාරයදී ලාභයෙන් 40% ක්‌ ලෙස අයකළ යුතු බදු මුදලටද අසීමිත නිදහසක්‌ ලබාදීමෙන් ලංකාව "සූදු රජා" ඉදිරියේ කෙතරම් දණින් වැටී ඇත්දැයි පෙනෙනවා.

මෙම තොරතුරු අනුව බදු පිට බදු සහන ලබමින් හා කළු සල්ලි සූදු කළ හැකි පරිදි විනිමය පනතින් නිදහස්‌ වෙමින් "ෙ-ම්ස්‌ පැකර් කැසිනෝ රජුගේ" ක්‍රවුන් අධිරාජ්‍යයේ කොටසක්‌ බවට පත්වනු ඇති නව සමාගමට ලංකාව තුළ තවත් පුංචි ආණ්‌ඩුවක්‌ බවට පත්වීමට හැකි බව පෙනෙන්නට තිබෙනවා.

මෙම තත්ත්වය තුළ පැන නගින පහත ප්‍රශ්නවලට අදාළ පිළිතුරු අමාත්‍යවරයා විසින් මෙම සභාව හමුවේ තබනු ඇතැයි අපේක්‍ෂා කරනවා.


                                                 

No comments:

Post a Comment