Wednesday 12 June 2013

ළඟදීම! සිනමන් එයාර් දඬුගම ඔයෙන් ගුවනට


Cessna 208 amphibians යානයක් භාවිතා කරමින් දේශීය ගුවන් ගමන් සිදුකිරීමට සූදානම් වන සිනමන් එයාර් ගුවන් සමාගම මෙම මාසය අවසානයේදී ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

මේ අනුව, සමාගම පවසා තිබෙන්නේ කොග්ගල හා දික්වැල්ල දක්වා ගුවන් ගමන් කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේ ඇති දඬුගම ඔයේ සිට ක්‍රියාත්මක කරන බවයි.
සිනමන් එයාර් හි, මෙහෙයුම් කටයුතු Saffron Aviation (Pvt.) Ltd සමාගම විසින් සිදුකරන අතර එය ජෝන් කීල්ස්, MMBL Leisure Holdings සහ Phoenix Ventures යන සමාගම් අතර පවතින ඒකාබද්ධ ව්‍යාපාරයකි.
ජූලි මාසයේ සිට ගුවන් සමාගම බත්තරමුල්ල වෝටර්ස් එජ් ජලාශයේ සිට මහනුවර දක්වා දෛනික ගුවන් ගමන් සිදුකිරීමට සැලසුම් කර ඇත.
මීට අමතරව, සීගිරිය, මඩකළපුව හා ත්‍රිකුණාමලයට පියාසර කිරීමටද සමාගම අදහස් කර තිබේ.

No comments:

Post a Comment