Wednesday 12 June 2013

ගාල්ල මහින්දය A/L කරන්න සිසුවකුගෙන් රු. 8000 ක්‌ ගන්නවා

චක්‍ර ලේඛය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්‌

ගාල්ල මහින්ද විද්‍යාලයේ උසස්‌ පෙළ පන්ති සඳහා ඇතුළු වෙන එම පාසලේම සිසුන්ගෙන් රුපියල් අටදහස බැගින් මුදල් එකතු කරන බවද මෙය අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කරනු ලැබූ 2008/17 චක්‍රලේඛය අමු අමුවේ උල්ලංඝනය කිරීමකැයිද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්‌ටාලින් මහතා පවසයි.

උසස්‌ පෙළ පන්ති සඳහා මෙම වසරේ ඇතුළත් වන මහින්ද විද්‍යාලයේ සිසුන්ගෙන් මෙසේ රුපියල් අටදහස්‌ හතළිහ බැගින් එකතු කරන බවද ජෝසප් ස්‌ටාලින් මහතා අනාවරණය කළ අතර එම මුදල් ලබාදෙන ලෙස දෙමාපියන්ට දන්වා තිබූ බවද ජෝසප් ස්‌ටාලින් මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරත් අදහස්‌ දැක්‌වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මෙසේද කීය.

අධ්‍යාපන ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා පාසල් දරුවන්ගෙන් මුදල් එකතු කරන්නෙ නෑ කියලා. නමුත් ඇමැතිවරයාගේ එම ප්‍රකාශයත් අමු අමුවේ උල්ලංඝනය කරමිනුයි මේ මුදල් එකතු කරන්න යන්නේ.

අපි මේ පිළිබඳව ලංකා ගුරු සංගමය අධ්‍යාපන ඇමැතිවරයාට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව අප ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් කරුණු විමසීමට උත්සාහ කරනු ලැබූ අතර විදුහල්පතිවරයා තමාට මේ පිළිබඳව කිසිදු ප්‍රකාශයක්‌ කළ නොහැකි බව පැවසීය.


 ගාල්ල එස්‌. කේ. කළුආරච්චි

No comments:

Post a Comment