Wednesday 12 June 2013

ගබ්සාවක්‌ කර ගැනීමට ආ ගැබිනි කත දූෂණය කරලා

සැකකරු පුන පුනා සමාන අපරාධ කිරීමේ ප්‍රවණතාවක්‌ පෙනෙනවා

ගබ්සාවක්‌ කර ගැනීමට පැමිණි විවාහක ගැබිනි කතක්‌ දූෂණය කිරීම සහ ඇගේ දරුගැබ නීති විරෝධී ලෙස ගබ්සා කළේ යෑයි අධිචෝදනා 2 ක්‌ ලැබූ පුද්ගලයකු 2014 මාර්තු මස 3 වන දිනතෙක්‌ මාස 9 යි දින 22 ක්‌ රිමාන්ඩ් භාරයේ තැබීමට රත්නපුර මහාධිකරණ විනිසුරු මොහාන් සෙනවිරත්න මහතා ඊයේ (11 දා) නියෝග කළේය.

එසේ රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවේ රත්නපුර බණ්‌ඩාරනායක මාවතේ වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යන ඩබ්ලිව්. ටී. ජගත් ප්‍රනාන්දු නමැත්තෙකි. ඔහු එසේ රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවේ ඊයේ (11 දා) දිනයේ අධිචෝදනා පත්‍ර භාර දුන් නඩුවට අමතර දැනට රත්නපුර මහාධිකරණයේ මෙම විත්තිකරුට එරෙහි විභාගවීමට නියමිතව නීති විරෝධී ගබ්සාවක්‌ සිදුකර කාන්තාවක්‌ මරා දැමීමේ සිද්ධියක්‌ සම්බන්ධ නඩුවක්‌ පවතින බව හා එම නඩුවට ඇප පිට සිටියදී මෙම දෙවන අපරාධය සිදු කර ඇති බව හෙළිදරව් වීම හේතුවෙනි.

එම සිද්ධි දෙකටම මුහුණ දී සිටියදී විත්තිකරු 2010 වර්ෂයේ තවත් නීති විරෝධී ගබ්සාවක්‌ සිදු කිරීම සම්බන්ධයෙන් නිවිතිගල පොලිසිය ඉදිරිපත් කළ බී වාර්තාවක්‌ මත මේ වනවිටත් රත්නපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ විමර්ශනයක්‌ සිදු වෙමින් තිබෙන බවත් ඊයේ අනාවරණය විය. මහාධිකරණ විනිසුරු මොහාන් සෙනවිරත්න මහතා විත්තිකරුගේ ඇප අවලංගු කර ඊළඟ නඩු දිනය තෙක්‌ ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරීමට එම සියලුම කරුණු හේතුවිය.

විත්තිකරු වෙනුවෙන් නීතිඥ එස්‌. පී. සේනාරත්න මහතා පෙනී සිට කරුණු දැක්‌වූ අතර ඔහුට එරෙහිව නඩු 3 ක්‌ පැවතියද ඔහුට ඇප නොදී සිටීමට එයට හේතුවක්‌ නොවන බවද ඕනෑම කොන්දේසියක්‌ මත හෝ විත්තිකරුට ඇප නියම කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා වරදක්‌ සිදු කිරීමෙන් පසු ඇප නියම කර තිබියදීත් වැරදි වලින් වැළකී සිටිනවා වෙනුවට විත්තිකරු පුන පුනා එම වැරදි සිදු කරන අයෙකු බව පෙනී යන බව පැවසුවේය. එසේ තිබියදී විත්තිකරුට නැවත වරක්‌ ඇප නියම කළහොත් ඔහු නැවත වරක්‌ සමාන අපරාධ කිරීමේ ප්‍රවනතාවයක්‌ ඇතිබවද විනිසුරු සඳහන් කළේය.

විත්තිකරු සිදු කළා යෑයි කියන වැරදි සදාචාරාත්මක වශයෙන්ද සමාජයේ යම් කැලඹීමක්‌ සිදුවිය හැකි වර්ගයේ ස්‌ත්‍රී දූෂණ සහ ගබ්සා කිරීම්ය. මෙවැනි සමාන වැරදි පුන පුනා කරන අයකුට ඇපෑලක්‌ දීමෙන් සමාජය තුළ යම් කැලඹීමක්‌ ඇතිවීමේ ප්‍රවනතාවක්‌ද තිබෙන හෙයින් විත්තිකරුට එරෙහිව නඩු විභාගය පවත්වන 2014.3.03 වන දින තෙක්‌ ඔහු රිමාන්ඩ් භාරයේ තබන බවට විනිසුරු ප්‍රකාශ කළේය.
 

No comments:

Post a Comment