Thursday 6 June 2013

වාස්ගෙන් ඝාතනයක් ගැන ප්‍රශ්න කරයි

බම්බලපිටිය ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන චෝදනාවකට බස්නාහිර පළාත් ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
මෙම පරීක්ෂණය රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ කි‍්‍රයාත්මක බවද පැවසේ.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ද ඊයේ (05) රාති‍්‍රයේදී හස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිනි.
පසුගිය මැයි මස 22 වැනිදා බම්බලපිටිය ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු මෙලෙස පැහැර ගෙන ගොස් වෙඩිතබා ඝාතනය කළ බවට මොවුන්ට චෝදනා එල්ලවී තිබේ.

No comments:

Post a Comment