Sunday 12 August 2012

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම 18 වැනිදා සිට

නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් සභා මැතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරිම ලබන 18 වැනිදා සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. අගෝස්තු මස 30 වැනිදා දක්වා එම බෙදා හැරීම් සිදු කෙරන අතර ලබන 26 වැනිදා විශේෂ බෙදා හැරීමේ දිනයක් ලෙස නම් කර තිබේ. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරින කාලය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව නියෝජ්‍ය තැපැල්පති, ආර්.ඩී.පී.ගාමිණී මහතා සඳහන් කළේය. ඒ අතර තැපැල් ඡන්ද සලකුණු කෙරෙන සෑම ස්ථානයකටම විශේෂ අධීක්ෂණ නිලධාරියෙකු යොදවන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ උපදේශක බන්දුල කුලතුංග මහතා සඳහන් කළේය. ඔහු පැවසුවේ, දැනට සිදුවීම් වාර්තා වී ඇති සහ තොරතුරු ලැබි ඇති ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බවයි.

No comments:

Post a Comment