Monday 17 June 2013

නඩුව ආරම්භයේදීම සබරගමුවේ සිසුන්ට ජයක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ පිඨ සඳහා බඳවගන්නා සිසු සිසුවින්ගේ ප්‍රමාණය කප්පාදු කිරීම, අවශ්‍ය පහසුකම් ලබානොදීම, ලියාපදිංචි ගාස්තු වැඩිකිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දිගින් දිගටම පරිපාලනය දැනුවත් කරමින් සහ ශිෂ්‍යයන් වෙනුවෙන් දගින් දිගටම කටයුතු කරමින් සිටියදී විභාග සඳහා පෙනී සිටීමේ අයිතිය පවා අහෝසිකරමින් පංති තහනම් කළ සිසුන් 4දෙනාට විභාග සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබාදෙමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පනවා තිබේ.

ඒ සබරගමුව විශිවවිද්‍යාලයේ හිටපු සභාපති දමයන්ත සම්පත් මහතා සහ භාණ්ඩාගාරික, උපසභාපති, ලේකම් යන සිව් දෙනා විසින් තමන්ට පනවා ඇති අසාධාරණ දඬුවම අහෝසිකර ගැනීම වෙනුවෙන් අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම් හතරක නඩුව විභාගයට ගැනීමට ශ්‍රී ස්කන්ද රාජා විනිසුරුවරයා තීන්දුකළ අවස්ථාවේදීය.

එම තීන්දුව ප්‍රකාශකරමින්, විශ්වවිද්‍යාල පරිපාලනය විසින් එම සිසුන් සිව් දෙනාට විභාග සඳහා පෙනී සිටීමට අවස්තාව ලබානොදීමට ගෙන තිබූ තීරණය බල රහිත කරමින් එම නඩුවට අදාළ තීන්දුව ලබාදෙනතුරු එම සිසුන්ට විභාග සඳහා පෙනී සිටීමට අවස්ථාව හිමිකර දී තිබේ.

නීතීඥ සාලිය පීරිස් මහතා සිසුන් වෙනුවෙන් පෙනී සිටියේය.



මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ හිටපු සභාපති දමයන්ත සම්පත් මහතා පැවසූවේ සබරගමුව විශ්වවිද්‍යා‍ලයේ සිසු සිසුවියන් 40කට අධිකර පිරිසකට තුවාල සිදුකරමින් ඉතා අමානුෂික අන්දමින් පහරදෙමින් රාජ්‍ය මර්දනය මුදාහැරීමට කටයුතු කළ සියළු දෙනාට විරුද්ව මානව හිමිකම් සංවිධානද සමග එක්ව ඉදිරියේදී තවත් නීතිමය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවයි.

No comments:

Post a Comment