Monday 17 June 2013

පරිගණකය හදන්න දුන්නොත් ඔබේ සේරම රහස් එළිවෙන්න පුළුවන් අනිවාර්යෙන්ම බලන්න

වර්තමානයේ පරිගණකය ‍පොදු උපාංගයක් වී ඇති කල, අප බොහොමයක් දෙනා පුරුදු වී සිටින්නේ අවශ්‍ය අනවශ්‍ය සියලුම තොරතුරු පරිගණකයේ ගබඩාකර තැබිමටයි. දුරකථන අංකයේ, ඊ මේල් ලිපිනයේ පටන් බැංකු ගිණුම් තොරතුරු, ණයපත් අංක දක්වා බොහොමයක් වැදගත් තොරතුරු සඟවාතබන රහස් සේප්පුව බවට පත්ව ඇත්තේ පරිගණකයයි. පරිගණකයේ හාඩ් ඩිස්කයයි. හාඩ් ඩිස්කය ඔබ අසල පවතින තාක්, එය ඔබේ අනංමනං සියලුම තොරතුරුවලට ඉතා හොඳ ආරක්ෂකයෙකු වනු ඇතත්, එය අන්සතු වූ විටක ඒ ආරක්ෂිත බව
සුළඟේ ගසාගෙන යනු ඇත.

 
පසුගිය දිනක අප දන්නා කියන තරුණ යුවළක් අන්තර්ජාලය හරහා සිය පෞද්ගලිකත්වය ලොවට හෙළිවීම පත්වී තිබුණේ අවට ලෝකයට පමණක් නොව තම ජීවිතයටද මුහුණ දී ගත නොහැකි තත්ත්වයකටය.
අන්තර්ජාලය හරහා ප්‍රදර්ශනය වී තිබුණේ මෑතකදී ගන්නා ලද එම යුවළගේ විවාහ මංග‍ලේ‍යා්ත්සවයේ දර්ශන ගණනාවකි. ‍පෝරුවේ චාරිත්‍ර, ජයමංගල ගාථා කීම, නෑදෑ හිත මිත්‍රාදීන්ගෙන් සමුගැන්ම ආදී දර්ශන කීපයක් සමග මධුසමය තුළ ඔවුන් දෙදෙනා විසින්ම රූපගත කරන ලද අතිශයින් පෞද්ගලික දර්ශන ගණනාවක්ද ඒ අතර වීම මෙහි ඉතා බරපතළම කාරණය විය.

 
විදේහ රැකියාවන්හි නියුතු මේ දෙදෙනා හැකි ඉක්මනින් රටින් පිටව යෑමෙන් තරමක සහනයක් ලබාගත්තද, ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ තව කලක් යනතුරු සිය දන්නා හඳුන අයට මුහුණ දීම නම් කිසිසේත්ම ලෙහෙසි පහසු කරුණක් නොවනු ඇතිබව විශ්වාසය. ඒ හැරුණු කළ මේ සිදුවීම හේතුකොට ගෙන ඇති වූ බරපතළ මානසික පීඩනය නිසා තරුණ මනාලිය මෙරටින් සමුගනු ලැබුවේද දැඩි මානසික ආතතියකට ලක්ව ප්‍රතිකාර ලබන තත්ත්වයේ රෝගී පුද්ගලයෙකුද ලෙසිනි. මේ දෙදෙනා පත්වූ අසරණ තත්ත්වය ගැන අනුකම්පා කළ ඔවුන්ගේ මිතුරෙකු සිදුවූවේ කුමක්දැයි සොයා බැලීමට ඉදිරිපත් වූ අතර එම දත්ත අඩංගු වබේ අඩවිවලට දැනුම්දීමෙන් අනතුරුව ඇතැම් වබේ අඩවි විසින් පසුව එම ලිපිගොනු ඡායාරූප ආදිය ඉවත්කරනු ලැබ තිබුණද, සමහරක් වබේ අඩවි දන්වා තිබුණේ තමන් එවැන්නක් ඉටුකිරීමට බැඳී නොසිටින බවයි. තවත් වබේ අඩවියකින් ඒවැනි හෝ ප්‍රතිචාරයක් ලැබි තිබුණේ නැත.
මේ ආකාරයට තමන්ගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට එක්වූයේ කෙසේදැයි දිගින් දිගටම සොයාබැලූ පෙරකී පුද්ගලයා අවසානයේ තහවුරු කරගත්තේ එම සියලුම තොරතුරු ඩිජිටල් මාදිලියෙන් ගබඩාකර තිබුණේ තම පෞද්ගලික  පරිගණකයේ පමණක් නිසා, ඒවා නිදහස්වීමද පරිගණකය හරහා සිදුව ඇති බවයි.

 
සිදුවීම මෙසේය :
පෙරකී මනාල මහතාගේ පරිගණකයේ ඇතිව තිබූ සුළු දෝෂයක් නිසා ඔහු එය විකුණා දැමීමට තීරණය කර නගරයේ පිහිටි සුප්‍රසිද්ධ පරිගණක අලෙවිසලක් වෙත ලබාදී තිබේ. එම ආයතනයද එම පරිගණකය කොටස් කර අවස්ථා කිහිපයකදී පාරිභෝගිකයන් කිහිපදෙනෙකුට අලෙවිකර ඇති අතර, පරිගණකයේ දෘඪ තැටිය නොහොත් හාඩ් ඩිස්කය (Hard Disk) ද මේ ආකාරයට අලෙවිකර තිබේ.

 
පෙර කී මනාල මහතා විසින් එම හාඩ් ඩිස්කය, කවුරු කවුරුත් අනුගමනය කරනා සම්මත ආකාරයට සම්පූර්ණයෙන්ම ෆෝමැට් කිරීමට ලක් කර තිබුණද, එය මිලට ගත් කවුරුන් වුවත් නපුරු අදහසකින් recovery software යොදාගෙන, පැරණි දත්ත නැවත මතුකරගැනීමට කටයුතු කර තිබේ. පසුව අන්තර්ජාලයට එක්වී තිබෙන්නේ මෙසේ රිකවරි කරගත් දත්තයන්ය.
මේ සිදුවීම ඔස්සේ සිතාබලන විට අප ආරක්ෂිත යැයි සිතා සිටින බොහොමයක් දෑ නොසිතනා ආකාරයට අන්‍යයන්ට විවෘතවීමේ අවදානම සෑම විටකම පාහේ පවතින බව තහවුරු වෙයි.

 
වර්තමානයේ පරිගණකය ‍පොදු උපාංගයක් වී ඇතිකල, අප බොහොමයක් දෙනා පුරුදු වී සිටින්නේ අවශ්‍ය අනවශ්‍ය සියලුම තොරතුරු පරිගණකයේ ගබඩාකර තැබිමටයි. දුරකථන අංකයේ, ඊ මේල් ලිපිනයේ පටන් බැංකු ගිණුම් තොරතුරු, ණයපත් අංක දක්වා බොහොමයක් වැදගත් තොරතුරු සඟවාතබන රහස් සේප්පුව බවට පත්ව ඇත්තේ පරිගණකයයි. පරිගණකයේ හාඩ් ඩිස්කයයි. හාඩ් ඩිස්කය ඔබ අසල පවතින තාක්, එය ඔබේ අනංමනං සියලුම තොරතුරුවලට ඉතා හොඳ ආරක්ෂකයෙකු වනු ඇතත්, එය අන්සතු වූ විටක ඒ ආරක්ෂිත බව සුළඟේ ගසාගෙන යනු ඇත.

 
මේ පිළිබඳව අප දන්නා හඳුනන පරිගණක අලුත්වැඩියා කරන කාර්මිකයන් කිහිපදෙනෙකු සමග අදහස් හුවමාරු කරගත් විට අහන්නට ලැබුණේ අපූරු තොරතුරුය. එක් අයෙක් පැවසුයේ තමන්ගේ ප්‍රියතම විනෝදාංශය කෙල්ලන්ගේ හාඩ් ඩිස්ක් රිකවරි කිරීම බවයි. මේ කියන්නට යන සිදුවීම් සදාචාරවිරෝධී බව අමුතුවෙන් කිවයුතු නොවේ. එනමුදු එම සිදුවීම් මෙසේ ලියා තබන්නේ සමාජයේ බහුතරයකගේ ආරක්ෂාව වෙනුවෙනි.

 
අදකා‍ලේ ලැප්ටොප් එකක් ඇරුණාම, ඩෙස්ක්ටොප් එකක් (Desktop) හදන්න අරං එන්නේ, කම්පියුටර් හාඩ්වෙයා ගැන දැනුමක් නැති කෙනෙක් තමයි. මොකද අද ‍පොඩි එකාගෙ ඉඳලා ඩෙස්ක්ටොප් එකක් මස් කරන්න දන්නවා. මේ විදියට මුළු සිස්ටම් යුනිට් එකම උස්සගෙන එන්නෙ ගොඩක් වෙලාවට කාන්තා පාර්ශ්වේ තමයි. ඵචබච කේබල් එක බුරුල් වුණත් මුළු මැෂින් එකම උස්සගෙන එන එක තමයි ගෑනු අයගෙ පුරුද්ද...

 
... ඉතිං මෙයාලගෙ හාඩ් එක සර්ච් කරන එක අපිට සුළු දෙයක්. කොහොමටත් අපි සර්ච් කරත් කරන්නෙ කෙල්ලන්ගෙ මැෂින්වල හාඩ් ඩ්‍රයිව් තමයි. කොල්ලන්ගෙ හාඩ්වල මොනවා හොයන්නද? අනික් උන් ළඟ තියෙන්නෙ මොනවද කියල අපි දන්නවනේ... යනුවෙන් කියා සිටියේ එක්තරා ප්‍රසිද්ධ පරිගණක ආයතනයක, අලුත්වැඩියා අංශයේ කාර්මිකයෙකි. ඔහු තවදුරටත් අපූරු තොරතුරු හෙළි කළේ මෙසේය.

 
ගොඩක් තරුණ කෙල්ලෝ, අලුතෙන් ඇඳුමක් ගත්තම, සෙරෙප්පු දෙකක් ගත්තම ඒ දේවල් ඇඳ
පැළඳගෙන ෆොටෝ ගන්න එක අද කා‍ලේ මේනියාවක් වගෙයිනේ. ගෑනු
ළමයින් ගොඩක් දෙනාගෙ කම්පියුටර්වල හාඩ් ඩිස්ක් එකේ, ෆොටෝස් තියෙන්නේ තොග පිටින්. හරියට ෆැෂන් ඩිසයිනර්ලා වගෙයි... දවසක් එක මැෂින් එකක් සර්විස් කරන ගමන් නිකමට වගේ මම ඩොකියුමන්ට්ස් ඕපන් කරලා බැලුවා. ඒ මැෂින් එක අයිති කෙනාගේ ඩිවෝස් කේස් එකක සම්පූර්ණ විස්තරේම ඒකෙ තියෙනවා. හරියට නවකතාවක් වගේ...
දන්නැද්ද මල්ලී, මිනිසාගේ හිතේ කුතුහලය නොමැකේ කියනවනේ, රෙපෙයාර් කරන්න මැෂින් එකක් ගෙනාවම නිකම්ම හිතෙනවා මේකෙ තියෙන්නේ මොනවද බලන්න. දාර්ශනික අදහසකින් කතාබහ ඇරඹූ ඔහු, තම පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස පරිගණක අලෙවිය හා අලුත්වැඩියාව සිදුකරන්නෙකි.

 
කොල්ලන්ගේ හාඩ්වල නම් අනිවාර්යයෙන්ම බ්ලූ ෆිල්ම් එකක් හරි තියෙනවා. ඒත් කොල්ලො ගොඩක් දෙනා හාඩ් එක ගලවලා හරි ෆෝමැට් කරලා හරි තමයි අපිට මැෂින් එක දෙන්නේ. කෙල්ලෝ එහෙම නෑ. ගෙඩිය පිටින් උස්සගෙන එනවා. බලන්න ඕන මල්ලී. අද කා‍ලේ කෙල්ලොන්ගේ හාඩ්. හොඳ හොඳ දේවල් තියෙන්නේ ඒවයි තමයි. කාර්වලින් බැහැලා එන සමහර මිස්ලගෙ ලැප්ටොප්වල ගිගාබයිට් ගණන් තියෙන්නේ ***** සීන් තමයි. ඔහු උපහාසාත්මකව හිනැහෙමින් පැවසුයේ කාන්තා සමලිංගික ක්‍රියා හැඳින්වීමට යොදාගන්නා ග්‍රාම්‍ය වදනකි.

 
මේ පිළිබඳව කතාකළ දිවයිනේ සුප්‍රසිද්ධ පරිගණක ආයතනයක දෘඩාංග ඉංජිනේරුවරයෙකු අපට කීවේ මෙවන් කතාවකි.
දවසක් ප්‍රසිද්ධ වාණිජ උසස් අධ්‍යාපන ආයතනයක ගෑනු ළමයෙක් ආවා. ලැප්ටොප් එකේ රෙපෙයාර් එකකට. ඒකෙ වරද නිවැරදි කරන්න මට ලැප් එකේ හාඩ් එක බලන්න වුණා. ඒ ළමයගේ ලැප් එකේ. අතිශය පෞද්ගලික දේවල් පවා බොහොම නොසැලකිලිමත්ව සේව් කරල තිබුණා. කොහොම වුණත්, මම ඒ ළමයට කිව්වා, මැෂින් එකේ සේව් කරන දේවල් ගැන මීට වඩා සැලකිලිමත්වෙන්න කියලා. මොකද අද කා‍ලේ ගෑනු ළමයෙකුට වරදින්න ‍පොඩි දෙයක් තිබුණම ඇතිනේ...
එම ඉංජිනේරු මහතා මේ ආකාරයට ඒ යුවතියට අවවාද කරනු ලැබුවද බොහෝ දෙනෙකු තුළ එවැනි කරුණාවක් නොමැති බව පරිගණක භාවිතා කරන්නන් දැනගත යුතුය.

 
මේ ආකාරයට අප සමග කතාකළ සියලුම දෙනාගෙන් ‍පොදු ප්‍රශ්නයක් ලෙස තම පාරිභෝගිකයන්ගේ පරිගණක දත්ත මෙසේ පිරික්සීම නිවැරදි දැයි අප විමසූ අතර, එය වරදක් ලෙස දුටුවේ එකම එක් අයෙක් පමණි. බහුතරයක් දෙනා පැවසුයේ තම පරිගණක දත්ත ආරක්ෂාකරගැනීමට පාරිභෝගිකයා දැන සිටිය යුතු බවයි.

 
පරිගණකයක් ගත්කල එහි ඕනෑම තොරතුරක් ගබඩාවන, මතක ගබඩාව වන්නේ දෘඩ තැටිය නොහොත් හාඩ් ඩිස්කයයි. පරිගණකයේ තැන්පත්ව ඇති යම් දෙයක් ඉවත්කිරීමට අප කරන්නේ, එය ඩිලීට් (ඤඥතඥබඥ) කිරීමයි. මෙසේ ඩිලීට් කළ විට එම දත්තය පරිගණකයේ කිසිදු තැනක දක්නට ලැබෙන්නේ නැති වුවද, එය සැබවින්ම ඉවත්වන්නේ නැත. සැබෑවටම වන්නේ, එම දත්තය පරිගණකයේ ඩිරෙක්ටරිය සමග ඇති සබඳතාවය නැතිවී යාම පමණි.එම දත්තය නියමාකාරව ඉවත්වන්නේ හාඩ් ඩිස්කයේ දත්තය පැවති ස්ථානය මත නැවත අලුතෙන් දත්තයක් සටහන් වූ විටයි.

 
ෆයිල් හෝ ෆෝල්ඩර් හෝ ඤඥතඥබඥ කර, සියල්ල අවසන් යැයි සිතුවද, ඒතැන ලොකු අවදානමක් පවතින්නේ, තවත් අයෙකුට මෘදුකාංග යොදාගෙන එම දත්ත නැවත ලබාගත හැකි බැවිණි. මෙය හරියට ලොකු ‍පොතක පටුන කඩා  ඉවත්කරනවා වැනිය. පටුන නැතත් තවමත් ‍පොතේ පිටු තිබෙන නිසා අවශ්‍ය අයෙකුට අවශ්‍ය පිටුවක් සොයාගැනීමට බැරිකමක් නැත. අවශ්‍යවන්නේ ටිකක් මහන්සිවීම පමණි.
හාඩ් ඩිස්කය මුළුමනින්ම පිරිසිදු කිරීමට, සාමාන්‍යයෙන් අප කරන්නේ, එය සම්පූර්ණයෙන් ෆෝමැට් කර (ටධපථචබ) නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමයි. නමුත් මෙහිදී 100ක්ම පැරණි දත්ත ඉවත්වෙතැයි කීමට නොහැකි නිසා එතැනද අවදානමක් තිබේ.

 
නැතිවූ දත්ත නැවත ලබාගැනීමේ හොඳ පරමාර්ථයෙන් සකසා ඇති විශේෂිත මෘදුකාංග පඥජධමඥපර ඵධටබඹචපඥඵ නම් වේ. මෙසේ දත්ත රිකවරි කිරීමෙන්, මකාදමන දත්ත බොහෝවිට ලබාගැනීමට හැකිවේ.
ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික සඟරාවක් වන විච් සඟරාව විසින් වතාවක් (ඹඩඪජඩ ථචඨචලඪදඥ) ඉවත දමන පැරණි පරිගණක සමග, අන්‍යන් අතට පත්වන පෞද්ගලික දත්ත පිළිබඳව විමසා බලනු ලැබිණි.

 
ඥඡචර වබේ අඩවිය හරහා පැරණි පරිගණක කිහිපයක් මිලටගත් ඔවුන් එම පරිගණකවල හාඩ් ඩිස්ක, රිකවරි මෘදුකාංග මගින් පරීක්ෂාකර බලන ලදී. පරිගණක අටකින්, මකාදමන ලද විවිධාකාර ෆයිල් 22000 පමණ නැවත ලබාගැනීමට ඔවුන්ට හැකිවිය. මේ තොරතුරු අතරේ ඊමේල් ලිපින, බැංකු තොරතුරු මෙන්ම, සමහරෙකුගේ උකස් තොරතුරුද තිබුණි.
මේ පිළිබඳව විච් සඟරාවේ පර්යේෂකයෝ අදාළ පරිගණකවල මුල් අයිතිකරුවන්ට දැනුම් දුන් විට ඔවුන් මහත් විමතියට පත්ව, පවසා තිබුණේ එම දත්ත මුළුමනින්ම පාහේ මකාදමන ලද බවයි.
මේ කරුණු කාරණා විමසා බලන විට තේරුම් යන්නේ, පරිගණකයක තැන්පත් කරන තොරතුරු, පරිගණකය අනෙකෙකු අතට පත්වන සැනින් අවදානමට ලක්වන බව මිසක් අන් යමක් නොවේ.

 
හාඩ් ඩිස්කයේ ඇති දත්ත මකා දමන්නේ නම්, ඒ සඳහා විශ්වසනීය මෘදුකාංගයක් යොදාගත යුතුයි. පරිගණකයේ ඇති දත්ත නැවත කිසිසේත් ලබාගත නොහැකි ලෙස සහමුලින්ම මකාදමන විශේෂිත මෘදුකාංග තිබේ.
මේ කරුණ ගැන කතාකරන, බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත පරිගණකය අනෙකෙකු අතට ලබාදෙන්නේ නම් ඔබේ පරිගණකගත තොරතුරු ආරක්ෂාකර ගැනීමට හොඳම ක්‍රියාමාර්ගය ලෙස නිර්දේශ කරන්නේ නැවත ක්‍රියාත්මක කළ නොහැකි පරිදි හාඩ් ඩිස්කය මුළුමනින්ම විනාශ කර දැමීමයි. 


හාඩ් ඩිස්කය ගලවා ඒ තුළ ඇති රික්තය ඉවත් කර, ප්ලැටර්ස් වලට හානි කිරීම හෝ ඩ්‍රිල් එකක් මගින් හාඩ් ඩිස්කය කිහිප පළකින් සිදුරුකිරීම කරන ලෙස ඔවුන් පවසා සිටී.
 
අවසාන වශයෙන් අප තේරුම් ගත යුත්තේ, අන්‍යයන් අතට පත්නොවිය යුතු යමක් අප පරිගණකයේ තිබුණි නම්, පරිගණකය හෝ හාඩ් ඩිස්කය අන්‍යයන් අතට යනවිට අපේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය පිළිබඳ ලොකු අවදානමක් ඇති බවයි. ඒ නිසා හොඳම දේ වන්නේ සෑම විටම පරිගණකයේ හාඩ් ඩිස්කය තමා සතුවම තබාගැනීමයි.

 පී.ඒ. දර්ශන චන්දිමාල්

No comments:

Post a Comment