Monday 17 June 2013

කාමුක පියාගේ හිස වෙන්කල දියණිය වෙනුවෙන් ගම්මුන් පෙරමුණට..


තමන්ව දුෂණය කල තම පියාගේ හිස කදින් වෙන්කල දියණියක සහ ඇයව පොලිස් අත්අඩංගුවට පත් නොකර ආරක්ෂා කර ගන්නා අසල්වැසියන් පිරිසක් ගැන පැපුවා නිව් ගිනියාවෙන් වාර්තා වේ.
තම බිරිද සහ අනෙකුත් දරුවන් නිවසේ නොමැති අවස්ථාවක තම 18 හැවිරිදි දියණියව රාති‍්‍රය පුරා දුෂණය කල කාමතුර පියාගේ අතවර ඉවසාගත නොහැකිවූ දියණිය විසින් පිහියකින් කොටා ඔහුගේ හිස කදින් වෙන්කර ඇත.
සිදුවීම සැලවීමෙන් පසු එක් රැස් වූ අසල්වැසියන් විසින් තරුණිය පොලිස් අත්අඩංගුවට පත්වීම වැලැක්විමට ඇය වටා ආරක්ෂක රැකවල් යොදා ඇයව රැකබලා ගැනීමට කටයුතු යොදා ඇත.
දුෂණයට ලක්වූ තරුණිය ආරක්ෂා කරන අසල්වැසියන් පවසන්නේ කාමතුර පියාට එවැනි මරණයක් හිමිවිය යුතු බවත් ඔහුගේ මරණයේ අවසාන කටයුතු කිරීම සදහාවත් කිසිදු ප‍්‍රදේශවාසියෙකු ඉදිරිපත් නොවන බවත්ය.
පැපුවා නිව් ගිනියාව තුළ ස්තී‍්‍ර දුෂණ සහ කුඩා ලමුන් ගනිකා වෘත්තිය සදහා යොදා ගැනීම සීග‍්‍රලෙස ඉහළයාම හේතුවෙන් එරට රජය විසින් එවැනි වැරදි සදහා මරණ දඩුවම ලබාදිමට මැතකදී තීරණය කරන ලදි.

No comments:

Post a Comment