Wednesday 5 June 2013

වැඩිකළ විදුලි බිල පෙර තිබූ තත්ත්වයට බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා මාසික රැස්‌වීමේදී සම්මත විය ජවිපෙ මන්ත්‍රී හර්ෂ ලියනගේ

වැඩිකළ විදුලි බිල පෙර තිබූ තත්ත්වයට ගෙන එන්න
බෝපේ පෝද්දල රැස්‌වීමේදී සම්මත වෙයි


වැඩි කළ විදුලි බිල පෙර තිබූ තත්ත්වයට ගෙන එන ලෙස ඉල්ලමින් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ජවිපෙ මන්ත්‍රී හර්ෂ ලියනගේ මහතා විසින් ගෙන එනු ලැබූ යෝජනාව පෙරේදා (04 දා) පැවැති බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා මාසික රැස්‌වීමේදී සම්මත විය.

හර්ෂ ලියනගේ මහතා විසින් ගෙන එනු ලැබූ මෙම යෝජනාව එජාප මන්ත්‍රී අමිල නුවන් මහතා විසින් ස්‌ථිර කරනු ලැබීය. මෙකී යෝජනාව ඉදිරිපත් කළ අවස්‌ථාවේ ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චානක මාදුගොඩ මහතා මෙම යෝජනාවට තම විරෝධය පළකරනු ලැබීය.

රජය මගින් මේ වන විට විදුලිබිල පහත හෙළීම සඳහා කටයුතු කරගෙන යන බවත් රටේ සංවර්ධන කටයුතු සඳහා මුදල් අවශ්‍ය බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. විදුලි පාරිභෝගිකයන්ට සහනයක්‌ ලබාදෙන බවට රජය පොරොන්දු වී ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


පෝද්දල -කේ. යූ. ඒ. සෝමපාල

No comments:

Post a Comment