Sunday 2 June 2013

අධිරාජ්‍යය වාදය පරදා සමාජවාදය ගොඩ නැගීම ඔහුගේ දේශපාලන දැක්ම විය.

ලොව පුරා මෙතෙක් බිහි වූ සමාජවාදී රටවල් තුල තමන්ට ආවේනික , අනන්‍ය වූ ක්‍රම වේදයක් මත ඒවා ගොඩනගා ඇත.ඒ සඳහා ඔවුන්ට තමාගේම විග්‍රහයක් තිබේ. ලාංකීය සමාජවාදී ගමන් මග තුලද රෝහණ විජේවීර සහෝදරයා තෝරාගත්තේ ලාංකීය අනන්‍යතාවය මත පිහිටා ගොඩ නැගුනු විප්ලවීය මාවතය. අධිරාජ්‍යය වාදය පරදා සමාජවාදය ගොඩ නැගීම ඔහුගේ දේශපාලන දැක්ම විය.
රුසියානු විප්ලවය ලෙනින් විසින් ජයග්‍රහණය කලේ අන්තොනමතික පාලනයක නියැලුණු සාර් අධිරාජයා ගේ කුරිරු පාලනයට එරෙහිව පන්තිය සංවිධානය කිරීමෙන්ය. වියට්නාමය තුල දිගු කාලින අධිරාජ්‍යවාදී සටනක යෙදුනු හෝ චෝ මින් ගේ නායකත්වය දුන් වියට්මින් වරු වියට්නාමයට සරිලන සමාජවාදී පාලනයක් ස්ථාපිත කළේය. කියුබානු විප්ලවය තුල දිස් වූයේ ලතින් ඇමෙරිකාව පුරාම විහිදී පැතිරුණු ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ තවත් එක පැතිකඩකි. ශ්‍රේෂ්ට කියුබානුවෝ අධිරාජ්‍ය පරදා ඒ තුලින් සමාජවාදය විජයග්‍රහණය කළේය. එතුලින් විද්‍යාමාන වුයේ කියුබානු සමාජවාදයේ හැඩයයි . චීන විප්ලවය තුලද දිස් වුයේ චීන සංස්කෘතිය හා බැදී පැවතුනු ඓතිහාසික අරගලයන්ගේ දිගුවකි.ඒ තුලින්ද දිස් වුයේ වැඩවසම් රජවරුන්ට එරෙහිව නැගී සිටි ජනතාව මෙන්ම ජපන් අධිරාජ්‍යවාදීන් මෙන්ම බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව පැවතී සන්නද අරගලයකි. අවසානයේ කොමියුනිස්ට් පාලනයක් බිහි විය.

ලතින් ඇමෙරිකානු රටවල් තුලද මේ මොහොතේ සිදු වෙමින් පවතින්නේ ඔවුනට ආවේනික විග්‍රහයකින් බිහිවෙන සමාජවාදී පාලනයන්ය. ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ඇති දිගුකාලින මුලධාර්මික වරද වන්නේ 'සමාජවාදී මොඩලය' නමින් එක මොඩලයක් පමණක් ඇතැයි යන විශ්වාශයට කොටුවීමයි.
නමුත් යතාර්තවාදීව අප කතා කල යුතු වන්නේ 'සමාජවාදය ' ගැන නොව 'සමාජවාදයන්' පිළිබඳවයි. එකිනෙකට සමාන වන සමාජවාදී සමාජ දෙකක් නැහැ . මාරියා ටෙගුයි නම් විශිෂ්ට මාක්ස්වාදිනිය වරෙක " සමාජවාදය යනු වික්රමාන්තික නිර්මාණයක් " යැයි පැවසුවේ එබැවිනි. සත්‍යවශයෙන්ම එය නිර්මාණයක්..!සමාජවාදය නිර්මාණය කල යුතුයි . එය අදාළ සමාජ තත්වයන්ට අනුව , ප්‍රවණතාවයන්ට අනුව, සංස්කෘතීන්ට අනුව , මෙන්ම සමාජ සංයුතීන්ට අනුව සකස් කර ගත යුතුයි. මක් නිසාද ඒවා එකිනෙකට හාත්පසින් වෙනස් හැඩයක් ඇති නිසාය

No comments:

Post a Comment