Sunday 2 June 2013

රාජපක්ෂ පොලීසිය යොදාගෙන ශිෂ්‍ය මර්දනය ආරම්භකරලා - බිමල් රත්නායක

අත්තනෝමතික සරසවි පාලනයට එරෙහිවත් ශිෂ්‍ය අයිතිවාස අයිතිවාසිකම් වෙනුවෙනුත් අරගල කරන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මර්දනය කිරීමට රාජපක්ෂ ආණ්ඩුවේ ‍දේශපාලන පොලීසයිය යොදාගෙන අත්අඩංගුවට ගනිමින් බැටන් පොලු ප්‍රහාර දියත් කරමින් සිටින්නේයැයි ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කමිටු සාමාජික, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආරම්භ කළ සත්‍යග්‍රහයට ඊයේ (01) පොලීසිය කඩාවැදී සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් ජවිපෙ මතය ප්‍රකාශ කිරීම සඳහා මේ වනවිටත් (පෙ.ව. 10.49) පැවැත්වෙමින් තිබෙන මාධය හුමවේදී ඒ මහතා මේ බව පැවසීය.
සමාජවාදී ශීෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාද සභාගීවී සිටින එම මාධ්‍ය සාක්චඡාව සම්පූර්ණයෙන් බලාපොරොත්තු වන්න.
                                                                                                           
                                                                                                                 උපුටා ගැනිම  lankatruth.com


No comments:

Post a Comment