Monday 17 June 2013

තැපැල් ජන්ද සහ නාමයෝජනා පත්‍ර මුද්‍රණයට භාර දෙයි

ඉදිරි මැතිවරණයන්ට අළව තැපැල් ඡන්ද අයදුම්පත් හා නාමයෝජනා පත් මුද්‍රණය කිරිම සඳහා මැතිවරණ මහ ‍ලේකම් කාර්යාලය විසින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අද (17) සවස භාරදී ඇත. රජය මැතිවරණය ප්‍රකාශයට පත් කර නොමැති වුවද ලබන සැප්තැම්බරයේ හෝ ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකට සුදානමින් මෙසේ තැපැල් ඡන්ද අයදුම්පත් සහ නාම යෝජනා පත් මුද්‍රණය කිරිමට බාරදුන් බව මැතිවරණ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. කෙසේ නමුත් ලබන සැප්තැම්බරයේ එක් පළාත් සභාවක් හෝ පළාත් සභා කිහිපයක් පැවැත්වෙනු ඇතැයි අපේක්ෂාවෙන් මැතිවරණ කාර්යාලය මෙසේ ඡන්දයට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටියි. මීට අමතරව මැතිවරණ කොමසාරිස්වරයා විසින් රජයේ මුද්‍රණාලායාධිපති හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හමුවීමට නියමිත බව මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment