Monday 17 June 2013

දූෂණ චෝදනා නිසා චෙක් අගමැති තනතුර අත්හරී

චෙක් ජනරජයේ අගමැතිවරයාගේ සමීප නිලධාරින් කිහිප දෙනෙකුට එල්ලව ඇති දූෂණ චෝදනාවන් හේතුවෙන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට අගමැති ෂෙට් නෙකාස් හට එල්ල වූ පෙළඹවීම් නිසා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ඔහු නිවේදනය කොට තිබේ. බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් අගමැති කාර්යාලයේ ප්‍රධානියාද ඇතුළුව තවත් හිටපු පාර්ලිමේන්තු සාමාජිකයින් දෙදෙනෙකුට හා හිටපු ඇමැතිවරයෙකුටද චෝදනා එල්ලව ඇති නමුදු අගමැත්වරයා කියා සිටින ලද්දේ තමා අත කිසිදු වරදක් නොමැති බවයි. මෙම දූෂණ අපවාදයන් හේතුවෙන් චෙක් ජනපද‍යේ රජයේ හා පෞද්ගලික කාර්යාල කීපයක්ම පොලිසිය විසින් වැටලීමටද ලක් කළ අතර එරට ජනපති මිලොස් සෙමාන් කියා සිටිනුයේ මෙම චෝදනා බරපතල එවා බවයි. අගමැතිවරයාගේ ඩිවික් ඩිමොක්‍රටීස් පක්ෂය විසින් යෝජනා කරනු ලබන නව නායකයෙකු යටතේ නව රජයක් පිහිටුවීමට ඔහුගේ පාලන සන්ධානය උත්සහ දරනු ඇති බව කියැවේ.

No comments:

Post a Comment