Friday, 20 July 2012

ඔලිම්පික් යන ලංකා පිලේ නායකත්වය නිලූකට එළඹෙන 27වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී ඇරඹෙන ඔලිම්පික් උළෙල සඳහා සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හත් දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස බැඩ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්න පත් කරනු ලැබ තිබේ. පෝලන්තයේ විශේෂ පුහුණු කඳවුරකට සහභාගිවී සිටින නිලූක එරට සිට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවර බලා පිටත්ව යනු ඇත. නිලූක මෙම 23 වැනිදා ලන්ඩනයේ පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරගාවලියේ කුසපත් ඇදීමට සහභාගිවීමට නියමිතය. ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 7 දෙනා අතරින් සිය දස්කම් අනුව ඔලිම්පික් පරිසාධක මට්ටම ඉක්මවමින් ලන්ඩන් ඔලිම්පික් වරම් හිමිකරගත් පළමු ක‍්‍රීඩකයා වන්නේ නිලූකය.

No comments:

Post a Comment