Friday, 20 July 2012
ලේ උරාබොන කූඩැල්ලන් ගැන ජනතාවට කියා දිය යුතුය
රාජ්‍යශ්‍රීය ලැබීමට අකමැතිව සිටි සංඝබෝධි කුමරුන් ඊට කැමති කරවා ගැනීමට මහා සංඝරත්නයට හැකි වූයේ රාජ්‍යශ්‍රීය වූ කලී පයෝධරයක් හෙවත් කිරි පිරි තනයක්ය යන උපමාව මුල්කොට ගෙන කළ දේශනයෙන් බව ඉතිහාසයේ සඳහන්වේ. රජකමට අකමැති වූ සංඝබෝධි කුමරුන් ඊට කැමති කරවා ගැනීමට මහා විහාරයෙහි මහා සංඝයා විශාල පිරිසක් රැස්වූහ. මහා සංඝයා හමුවෙහි රජකම බාරගන්නා ලෙස සංඝබෝධි කුමරුට ආයාචනය කළහ. එහෙත් මහා සංඝරත්නය හමුවෙහි එය ප්‍රතික්ෂේප කළ සංඝබෝධි කුමරු ඒ ගැන දැක්වූයේ මෙවන් අදහසකි.
කූඩැල්ලන්ගේ දේශපාලනය
ස්වාමීනී, රාජ්‍යශ්‍රීය බබලන්නේත් කපුරු පහන් ආලෝකයට සමානවයි. කපුරු පහන් සිලෙන් නැෙඟන දුමෙනුත් සිද්ධවෙන්නේ දැලි පටල බැඳීමක්මයි. බැබළෙන රාජ්‍යශ්‍රීයෙනුත් එහෙමයි... ඒ උපමාවෙන් පටන්ගෙන සංඝබෝධි කුමරු අවධාරණය කරන්නේ බබළන කපුරු පහනේ දුමෙන් දැලි බැෙඳන්නාක් මෙන් රාජ්‍යශ්‍රීයේ දීප්තියෙන් කෙළෙස්මළ බැෙඳන බවය. රාජ්‍යශ්‍රීයට පත්වුවන් හට විවිධාකාරයේ ක්ලේෂවලට වසඟ වන්නට සිදුවු, බව නිදසුන් සහිතව පැවැසේ. ජනතාවගේ උපහාසයට ලක්වන චරිත ගොඩනඟා ගන්නා ඔව්හු වන්දිභට්ටන්ගේ බොරු වර්ණනා වලින් රැවටෙතැයි ද පැවැසේ. එයාකාරයෙන් රාජ්‍ය ශ්‍රී විරෝධී දීර්ඝ දේශනයක යෙදෙන සංඝබෝධි කුමරුවෝ රාජ්‍යශ්‍රීය පිළිගැනීම ප්‍රතික්ෂේප කරති.
මහා සංඝරත්නයෙන් ඊට පිළිතුරු වශයෙන් ඉදිරිපත් කෙරෙන්නේ පයෝධර උපමාවකි. මවුකිරි පිරි තැනට කූඩැල්ලෙකුට ගොඩවන්නට ලැබුණොත් ඌ ලේ උරා බොමින් එතැන පීඩාවට පත්කරයි. එහෙත් බිලිඳා කූඩැල්ලාට හුඟක් වෙනස්ය. බිලිඳා කරන්නේ එතැනට සුව දනවමින් කිරි උරා බීමය. මේ උපමාවෙන් ඇඟ වූ සේ රාජ්‍යශ්‍රීය පියොවුරට සමාන බව පැවැසූහ. එහි කූඩැල්ලන් මෙන් හැසිරුණවුන් ද සිටින මුත් සඟබෝ කුමරුට බිලිඳකු මෙන් හැසිරිය හැකි බව පැවැසූහ. මේ පයෝධර උපමාවෙන් පටන්ගෙන පැවැත් වූ දීර්ඝ දේශනයෙන් කරුණු දැක්වූ විට සංඝබෝධි කුමරු රාජ්‍යශ්‍රීය පිළිගැනීමට එකඟ විය.
සංඝබෝධි රජු ඉතා ධාර්මික වූයෙන් ඔහු කෙරෙහි පැහැදුණු ජනතා ව්‍යවහාරයෙන් ඔහු ශ්‍රී සංඝබෝධි හෙවත් සිරිසඟබෝ නම් වීය. රජුගේ නාමය පිළිබඳ zඅත්තනගලූ විහාර වංශ කාව්‍යයෙහි පැවැසෙන මෙය මහාවංශ මහා කාව්‍යයෙහිද මෙසේම සඳහන් වේ.
මෑත ඉතිහාසයේ දී මෙවන් සිරිසඟබෝවරු දැකගන්න ඇත්තේම නැත. කුඩා බිලිඳකු ලෙස කිරි පිරී තනයෙන් එයට සුවදෙන ආකාරයෙන් කිරි උරාබොන රජකු සැබවින්ම රටේ අයිතිකරුවා නොව භාරකාරයාය. එහෙත් රටේ අවාසනාවකට අද ඇත්තේ කූඩැල්ලෙකු ලෙස ලේ උරාබොන රජෙකි. ගෝලබාලයන් සියලූ දෙනාගේ කි්‍රයා ගැනද වගකිව යුත්තේ ඔහුමය. තනයට පමණක් නොව ළය ද සිදුරු කරමින් ලේ උරාබොමින් සිටී. උන් තනයට පමණක් නොව මුළු ළයටම පීඩා කරනු ලබයි. එදාමෙන් අද මහාසංඝරත්නය මේ ගැන දේශනා කරන්නේ නැත. මේ පාපකර්මය ගැන කියාදෙන්නේ ද නැත. ඒ වෙනුවට තව තවත් ලේ උරා බොන්නට උපදෙස් දෙමින් අනුශාසනා ද පවත්වති. කපුරු පහන් සිලෙන් නැෙඟන දුමෙන් දැලි පටල බැදෙන්නාක් මෙන් වත්මන් රාජශ්‍රීයෙන් ද නිරන්තර දැලි පටල බැදෙන්නාක් මෙන් වත්මන් රාජශ්‍රීයෙන් ද නිරන්තර දැලි පටල බැදෙයි. වන්දිභට්ටයන්ගේ බොරු වර්ණනා වලින් රැවටී තව තවත් දැලි පටල ඇති කරයි.
කපුරු දැවීම
ජූලම්පිටියෙ අමරලා මාරපන සුනිල්ලා හරහා අද එම දැලි පටල පෙනෙන්නට පටන්ගෙන ඇත. මාරපන සුනිල්ගේ මැතිවරණ තේමාව zසීමා මායිම් නැති මනුස්සකමZ යන්නයි. තේ වත්තෙ වැඩකරන අහිංසක දුප්පත් අම්මාට සහ ලොකු දුවට පෙන්වූ බලහත්කාරය ඒ මනුස්සකම විය. ඉන් නොනැවතී සීමාවකින් තොරව අහිංසක පුංචි දැරියට ද පෙන්වා ඇත්තේ ඒ සීමාවකින් තොර මනුස්සකමය. සැබවින්ම මෙය සීමා මායිම් නැති අමනුස්සකම ය. ආසියාවේ ආශ්චර්යයද එලෙසමය. මනුස්සකම පිරි රටක් ගොඩනගන්නට පොරොන්දු වුවද අද අමනුස්සකම පටන්ගන්නේම රාජ්‍යශ්‍රීයෙන්ය. ඉහළින් මුදුණෙන් පටන් ගන්නා අමනුස්සකම පළාත් සභා ප්‍රදේශීය සභා මට්ටමින් ගලායන්නේ ඒ ආදර්ශයන් අකුරුටම පිළිපැදිය යුතු නිසාය. අද තැන් තැන්වල මතුවන්නේ ඒ ආදර්ශයේ ප්‍රතිඵලයන්ය.
සියල්ල කුණු වී ජරාජීර්ණ වූ පල් නරා වළකින් මෙයට වඩා දේවල් බලාපොරොත්තු විය හැක. නහය විනිවිද ගොස් කටට ඔක්කාරය ගෙනදෙන මහා පිළිකුල් සහගත දුර්ගන්ධයක් අද ඉන් හමායයි. පිිරිසක් ඒ නරාවලෙහි බැස නාමින් දූ කෙළියෙහි නිරත වෙති. ධන කෙළියෙහි නිරත වෙති. රතීකෙළියෙහි නිරත වෙති. මේ පෙනෙන්නේ ශ්‍රී ලාංකීය මහා දේශපාලන සංස්කෘතියේ නාරවළයි.
කොළඹ කෞතුකාගාරයේ කඩුව හොරකම් කළ සැබෑ හොරා තවමත් නිදැල්ලේය. ඒ පිටුපස ද මෙම පල් වූ කුණු වූ දේශපාලන බලය ඇති බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් අද එය සාමාන්‍ය සේවකයෙකුගේ කරපිටින් යැවීමට මේ ජඩ පාලකයින් මාන බලන බව පසුගියදා වූ සිදුවීම් වලින් ඉතා පැහැදිලිව ඔප්පු විය. උඩුනුවර පදිංචිකරුවෙකු වූ ස්ටැන්ලි ලියනගේව
බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් දස වධ දී වැරැද්ද ඔහු පිට පැටවීමට ගත් උත්සාහය මුළු රටටම හෙළිදරව් විය. හොරකම් කළා කියා පිළිගත්තොත් හත්මුතු පරම්පරාවම ගොඩ කියා පහර දුන් නරුමයන්ට මේ කුණු වූ දේශපාලනය තේරෙන්නේ නැත. ඔවුන්ද එහි ගොදුරු බවට පත්වී ඇති බව තේරෙන්නේ රහස රැකගැනීම වෙනුවෙන් අනාගතයේදී ඔවුන්ට දෙන දඬුවම් ඔවුන්ටම විඳින්නට වූ පසුවය.
රැඳවියන්ගේ ඉරණම
පසුගියදා වවුනියාව සිර කඳවුරෙහි ඇති වූ සිද්ධිය මහා ආන්දෝලනයක් ඇති කළ සිද්ධියකි. අවසානයේ නිමලන් රූබන් නමැති සිරකරුවෙකු ඝාතනය වීමෙන් සිද්ධිය කෙළවර වූවායැයි මාධ්‍ය වාර්තා විය. සැබවින්ම සිද්ධිය කෙළවර වුයේ නැත. සිද්ධිය ආරම්භ වන්නේ එතැනින්මය.
කරුණා අම්මාන්ලා කේ.පී.ලා එදා දෙමළ තරුණයන් සන්නද්ධ ඛෙදුම්වාදී ව්‍යාපාරයට ඇද දැමූ නායකයින්ය. දහස් ගණනක් තරුණ ජීවිත බිලිඳුන්නේ ඔවුන්ගේ ජාතිවාදී ඛෙදුම්වාදී දේශපාලන උවමනාවන් වෙනුවෙන්ය. එහෙත් අද ඔවුහු රාජශ්‍රීයේ රජබොජුන් වළඳමින් යහමින් වැජඹෙති. සියලූ ප~ුරු පාක්කුඩම් ලබමින් සිටිති. අවුරුදු දහය පහළොව සිරකඳවුරුවල දුක්විඳින දෙමළ තරුණයන් කිසිදු නඩුවක් නොමැතිව රඳවා තබාගෙන රාජශ්‍රීයේ අමනුස්සකම විදහා පාති. එයට එරෙහි වවුනියාව කඳවුරේ සිරකරුවෝ මාරාන්තික උපවාසයක නිරත වූහ. ජාත්‍යන්තරයට ඉන්දියාවට භය වූ ආණ්ඩුව වහාම මාසයක් තුළ වවුනියාවේ සහ අනුරාධපුරයේ අළුතින් අධිකරණ පිහිටුවා ඒ අයට අදාළ නීතිමය කි්‍රයාමාර්ග ගන්නා බව දැන්වීය. ඒ පොරොන්දුව මත උපවාසය අවසන් විය. එහෙත් දින කීපයකට පසු උපවාසයට නායකත්වය සැපයූ එක් සිරකරුවෙකු වවුනියාවෙන් ඉවත්කර ආගිය තැනක් සොයාගන්නට බැරි තත්වයක් ඇති කළේය. ඒ පිළිබඳව සිරකරුවන් ඔවුන්ට හැකි අයුරින් හ~ නැගුවත් එයට කිසි පිළිතුරක් නොවීය. සිරගෙයක් තුළ දී සිරකරුවෙකු ආගිය අතක් සොයාගැනීමට නොහැකි වීම බාහිර සමාජයේදී කෙනකු අතුරුදන් කිරීමට වඩා භයානක, බරපතළය. ආණ්ඩුවේ ආරක්ෂාව යටතේ සිටයදී කෙනකු අතුරුදන් වන තත්වයක් කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක්කකි. එවන් තත්වයකදී සිදුවූ අසාධාරණයට අයුක්තියට විරුද්ධව සිරකරුවන් නැගී සිටීම කිසිසේත් අසාධාරණ නැත. එය සාධාරණ යුක්ති සහගත මැදිහත්වීමකි. සිරකඳවුරේ ෙජ්ලර් මහතුන් තිදෙනකු රැඳවියන් බාරයට ගැනෙන්නේ ඒ පැහැර ගැනීමට විරෝධයක් ලෙසය. එහෙත් මාධ්‍ය වාර්තා කරන්නේ මේ කතාවේ සම්පූර්ණ අනෙක් පැත්තවීම ජඩ දේශපාලන චෞරයන්ගේ ජඩකම්වලට තවත් උඩගෙඩි දීමක් පමණක් නොව අයුක්ති සහගත අසාධාරණ පාලකයන්ට එරෙහිව සාධාරණව නැගී සිටින්නන් ද~ු කඳට දක්කමිනි. එස්.ටී.එෆ් යොදවා සිරකරුවන්ට පහරදී වවුනියාව සිරකඳවුරද වසා දමා බන්ධනාගාර නිලධාරීන් නිදහස්කර ගත්තද කලින් වෙනත් තැනකට මාරුකර යැව්වා යැයි කියන සිරකරුවා ගැන තොරතුරු තවමත් දැනගන්නට නැත. එම සිද්ධියේදී නිමලන් රූබන් මරා දැමීම කොටි ලේබල් ඇලවීමෙන් වසා දමන්නට ආණ්ඩුව කරන උත්සාහය ඉතා නිර්ලජ්ජිත එකකි. නිමලන්ගේ මෘතදේහය තමන්ගේ දෙමව්පියන්ට තමන්ගේ නිවසටවත් රැගෙන යන්න මේ කුරිරු පාලකයින් ඉඩ දෙන්නේ නැත. එයද අධිකරණ නියෝග වලින් වැළැක්වීම කෙතරම් අමානුෂිකද? තිරිසන්ද? අද ඒ දෙමාපියෝ එයට එරෙහිව අධිකරණය වෙත යන්නේ සාධාරණය ඉටුකරවා ගැනීමටය. එම තීරණය කුමක් වුවද මේ හරහා ඇති කළ මහා සමාජ වෛරය කිසිදා සුවපත් කළ නොහැක. බිඳුනු සිතක් සුවපත් කිරීම එතරම්ම පහසු නැත.
මාධ්‍යය වැටලීම
බොහෝ මාධ්‍ය මෙම සිදුවීම් වාර්තා කරනු ලැබුයේ කොටින් විසින් කරන ලද්දක් ලෙසිනි. නැති කොටින්ට පණ පොවන්නේ ආණ්ඩුවේ රුදුරු මර්දන මාලාවන්ය. පසුගිය කාලය පුරාවටම උතුරේ සිදුවන බලහත්කාරී ජනපීඩක කි්‍රයාකාරකම් එකින් එක එකතු වන්නේ මහා සමාජ ප්‍රවාහයක් ලෙසින්ය. පාලකයින් විසින් ඉතිහාසයේ කරන ලද මෙවැනිම වූ පාදඩකම්වල ප්‍රතිඵල භුක්ති විඳින්නට වූයේ වර්තමාන පරම්පරාවටය. අද සිදුකරන ජඩකම් පෙරලා උත්තේජනය සපයන්නේ එවන් අනාගත වටපිටාවකටය. ඉන් බැටකන්නේ අනාගත පරම්පරාවය. ජූලම්පිටියෙ අමරෙලා, මාරපන සුනිල්ලා හරහා සිදුකරන අපරාධවලටත් වඩා මෙම අපරාධයන් භායානකය. එනම් මෙම අපරාධ ඍජුවම ආණ්ඩුව මැදිහත්වී කරන අපරාධයන් වන බැවිනි. එහි අවසානය ජාතිවාදී දේහපානයට ඉඩකඩ සලසන බැවිනි. සමහර මාධ්‍ය මෙවන් තත්වයකට ඇදවට්ටවා ඇත්තේ ලේ උරාබොන කූඩැල්ලාගේ දරුණු දත් පහරවල්වල විෂ නිසාවෙන්මයි. පසුගිය
කාලය පුරාවටම ඍජුව හා වක්‍රව ජනමාධ්‍ය වෙත එල්ල කළ මර්දනය සුළුපටු එකක් නොවේ. මහා දැවැන්ත භීෂණයක් ඇති කළ තත්වයක් යටතේ සත්‍යය ඒ ආකාරයෙන්ම ලියන්නට කියන්නට බොහෝ මාධ්‍ය මැලිවීම ස්වභාවික තත්වයකි. මාධ්‍යවේදීන්ටත් වඩා මාධ්‍ය අයිතිකරුවෝ එයට බිය වී සියයට පන්සියයකින් සත්‍ය වාර්තා කිරීම හකුලා ගනිති. එලෙස උපදෙස් දෙති. ඒ ඔවුන්ගේ ප්‍රාග්ධනය බේරා ගැනීමේ අරමුණෙන්ය. නිර්භීත අවංක මාධ්‍යවේදීන්ද තම දරුපවුල රැකගැනීම නමැති කටුක යථාර්ථය හමුවේ අසරණ වන්නේ එවැන් වටපිටාවක් තුළදීය. ජිනීවා සමුළුවෙන් පසුවවත් මේ තත්වය වෙනස්වේ යැයි සිතුවද එය එසේ වී නොමැත. පසුගිය දිනවල නැවත වෙබ් අඩවි කිහිපයකට කඩා වැදුණු රහස් පොලිසිය මාධ්‍යවේදීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගනු ලැබීමෙන් මෙය පැහැදිලි විය. කෙනකු මාධ්‍ය සදාචාරයන් ඉක්මවා යන්නේ නම් එයට ගත හැකි ගතයුතු නීතිමය පියවරයන් ඇත්තේය. එහෙත් ඒ වෙනුවට මෙලෙස කඩාදැමීම ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ ස්වාධීනත්වය පිළිබඳ අවසන් අල්ප බලාපොරොත්තුවත් බිඳ දැමීමකි. මෙයින් තේරුම්ගත යුතු තවත් එක් සත්‍යයක් ඇත. මාධ්‍ය ආයතනවලට මාධ්‍යවේදීන්ට තමන්ගේ නිල මාධ්‍යයන් නිදහසේ පවත්වාගෙන යෑමට බාධා නොකරන්නේ නම් මෙවන් වෙබ් අඩවි බිහිවන්නේ ද නැති බවය. ඒවාට ඍජු මර්දනයන් එල්ල වන විට විවිධ ක්‍රම මගින් හෝ ජනතාවට තොරතුරු යැවීමට උත්සාහ ගැනීමද මාධ්‍ය මර්දන යථාර්ථයක් තුළ සිදුවිය හැක්කකි. කූඩැල්ලා ලේ උරා බොන ආකාරය බලා සිටීමට මාධ්‍යවේදීන්ට ද හැකියාවක් නැත. අයිතියක්ද නැත. ලේ උරාබොන කූඩැල්ලාගේ සැබෑ තතු ජනතාවට කියා දිය යුතුමය. නිමලන් රූබන්ලා මරා දැම්මේ ඇයි ද මාරපන සුසිල්ලා මෙහෙයවූයේ කොහොමද යන්න ජනතාවට කියා දිය යුතුය. එය සැබෑ මාධ්‍ය භාවිතාවක සමාජ වගකීම වන්නේය.
ස්විස් බැංකුවල රුපියල් කෝටි දාහක මුදල් ලංකාවෙන් තැන්පත්කර ඇති බව ස්විස් මහ බැංකුව 2011 සඳහා නිකුත් කළ වාර්තාවේ සඳහන්වේ. එම මුදල් තැන්පත් කළ කෝටිපතියන් කව්ද? දේශපාලකයන් කව්ද? යන්න රටේ ජනතාව දැනගන්න ආශාවෙන් සිටියි.
පත්තරවලින් රූපවාහිනිවලින් එයට ඉඩ දෙන්නේ නැත්නම් වෙබ් පිටු හරහා හෝ එය දැනගැනීමේ අයිතිය ජනතාව සතුය. ඒ මන්ද ඒ කෝටි ප්‍රකෝටි මුදල් මේ රටේ මුදල් බැවිනි. ෙජ්.ආර්. පාලන සමය තුළ ස්විස් බැංකුවල කෝටි ගණන් මුදල් තැන්පත් කළ ඕස්ටේ්‍රලියාවේ ඇපල්වතු ගත්ත ආණ්ඩුවේ ඇමැතිවරු ගැන නොයෙක් ආකාරයෙන් හෙළි දරව් විය. එලෙසින්ම අදත් එවැනි ඇමැතිවරු සිටිනා බව ප්‍රසිද්ධ රහසකි. ඒ කව්රුන්ද කොපමණද යන්න දැනගැනීමට අවශ්‍ය වන්නේ කූඩැල්ලා උරා බී ඇති ලේ ප්‍රමාණය දැන ගැනීමටයි. උරා බී ඇති ලේ ප්‍රමාණය දැන ගැනීම ළඟ එන මැතිවරණවලටද වැදගත්ය.
මානසික රෝගී සමාජයක්
උරා බී වමාරන ලේ බොන්නට කූඩැල්ලන් පැටව් ගැසීම මෙවන් රාජශ්‍රීයක අනිවාර්ය ප්‍රතිඵලයකි. අද පළාත් සභා පොරපිටියේ දක්නට ඇත්තේ එයයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කොතරම් කයිවාරු ගැහුවත් ඇමැතිවරුන්ගේ බිරින්දෑවරු, පුත්තු, ඥාතීහු ඡන්දයට ඉදිරිපත් කරන්නේ නැහැ කියා පළාත් තුනේම පාරවල් දෙපැත්තේ ඇත්තේ බිරින්දෑවරුන්ගේ පුත්තූන්ගේ මූණත් තහඩු ඇති කටවුට් හා පෝස්ටර්ය. වෙනදා මෙන්ම මේ පොරකන්නේද හාම්පුතාගේ අඩිපාරේම ගොස් ලේ උරාබොන්නටය. උරාබොන ලේ පවුලෙන් පිටයෑම ද වැළැක්වීමටය. අද මුස්ලිම් කොංග්‍රසය වලිකන්නේ ද ඒ සඳහාය. ආණ්ඩුව ඇතුළේම සිට එය කිරීම වඩාත් පහසුය. නමුත් ඒ සඳහා කේවල් කිරීමක් කළ යුතුය. නැෙඟනහිර පළාතේ ජනතාව උකසට තබා බඩජහරි දේශපාලන ගනුදෙනුව සඳහා සාකච්ඡා කරන්නේ එබැවිනි. මහ ඇමැතිකම තමන්ට ලැඛෙන්නේ නම් රටේම නැති වුණත් අඩුම ගාණේ නැෙඟනහිර පළාතේවත් ලේ ටික උරාබීමේ හැකියාව තමන්ට ලබාගත යුතුය යන්න ඔවුන්ගේ ඉලක්කය වී ඇත. ඒ සඳහා විවිධාකාර සෙල්ලම් මැතිවරණයට පෙරත් මැතිවරණය තුළදීත් ඉන් පසුවත් ජනතාවට දැකබලා ගත හැකිය. අවසානයේ විය හැක්කේ කිරි ඇති තනයේ ලේ උරා අවසානයේ ළය ද සිදුරුකර හපකරන කූඩැල්ලන් පොදියක් බිහිවීම මිස වෙනකක් නොවේ.
ලංකාවේ ජනගහනයෙන් 25%කට මානසික රෝග ඇතිවන්නේ මෙවන් තත්වයක් තුළදීය. එයින්ද වැඩිම ප්‍රමාණයක් ඇත්තේ වයස 12-19ත් අතර වීමෙන් පැහැදිලි වන්නේ කුමක්ද? තරුණ වියට පාතබන මුල් අවස්ථාවේදීම විවිධ මානසික රෝගයන්ට මුහුණදී ඇති බවකි. සමාජ ආර්ථීක පීඩාවන් එන්න එන්නම වැඩිවෙද්දී මානසික පිඩනය ආතතිය ඇති වීම වැළැක්විය නොහැක. පසුගිය කාලය පුරාවටත් අදටත් සිදුවන අපරාධ දෙස බලද්දී මේ ප්‍රතිශතය තව තවත් වැඩිවෙනවා මිස අඩුවන්නේ නැත. ආශ්චර්යමත් රටේ මානසික රෝගී ප්‍රමාණය සියයට සියය වූ විට සැබවින්ම තත්වය ආශ්චර්යමත්ය. එහෙත් ඒ වන විට කූඩැල්ලා මුළු ශරීරාංගයයේම ලේ උරා බී හපකර අවසානය. එවන් තත්වයකට පත්වීම වළක්වාගත යුතුය. ඒ සඳහා බිළිෙඳකු එතැනට සුව දනවමින් කිරි උරාබොන සේ රට පාලනය කරන පාලනයක් අවශ්‍ය වන්නේමය. ඉන් හැදී වැඩෙන බිළිදා හෙට දවසේ මුවඟ පිරි සිනහවෙන් සිනාසෙනවා පමණක් නොව දෙතනේ කිරි දුන් අම්මාද සුව සේ සතුටින් ඉපිල යනවා ඇත.
උපුටාගැනීම - ලංකා ඉරිදා පුවත්පත
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment