Saturday, 28 July 2012
දකුණේ තරුණයකුට ශේෂ්ට්‍රදිකරණයේ නඩුව ඉවත් කරගන්නයි පොලිසියෙන් බලපෑම්.
ලෙවුවන්දුව විතානගේ සමීර සම්පත් කටුකුරුදුගහලන්ද, පොතුවිල, පයාගල පදිංචිව සිටි. ඔහුව 2012.01.27 දින පයාගල පොලිසිය විසින් නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන කෘර අමානුෂික ලෙස වදහින්සාවට පාත්‍ර කරන ලදී. ඔහු මෙම වදහිංසා පැමිණවීමට විරුද්දව ශේෂ්ට්‍රදිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් පැවරු අතර එහි අංකය SCFR 127/2012 වේ. එයට 201...2.06.12 දින ශේෂ්ට්‍රදිකරණයේ අවසරය ලැබිණි. දැන් මෙහි වගවුත්තරකරුවන් වන පයාගල පොලිසියේ උප පොලිස් පරීක්ෂක පත්මකුමාර ඇතුළු වගකිවයුතු නිලදාරීන් ප්‍රදේශයේ අපරාදකරුවන් ලවා නඩුව ඉවත් කරගන්නයි සමීරට බලපෑම් කරති. අද දින එනම් 2012.07.28 සමීර මේ නීතිවිරෝදී ක්‍රියාවන් වහාම නතර කරන්නයි ඉල්ලා මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට, කළුතර නියෝජ්‍ය පොලිස්පතිට සහ කළුතර පොලිස් අදිකාරිට ලිකිතව පැමිණිලි කරන ලදීSee More
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment