Saturday 28 July 2012

මිනුවන්දෙනිය කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඝාතනය කෙරේ

ගාල්ල, යක්කලමුල්ල, මිනුවන්දෙනිය කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය පැවසුවේ පහරදීමෙන් ඔහුගේ පුත්‍රයා ද බරපතල තුවාල ලබා ඇති බවය. ආරවුලක් දුරදිගයාමෙන් විදුහල්පතිවරයාගේ නිවස අසලදී මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය

No comments:

Post a Comment