Saturday, 28 July 2012

පළමු ජය මහජන චීනයට

මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම මහජන චීනයට හිමිවී ඇතැයි වාර්තාවේ. එම රන් පදක්කම දිනා ගැනීමට කාන්තා මීටර් 10 වායු රයිෆල් අංශය නියෝජනය කළ මහජන චීනයේ යී සිලින්ග් ක්‍රීඩිකාව සමත්වී ඇත. එහි තෙවන ස්ථානය දිනාගනිමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමටද මහජන චීනය සමත්වී ඇත. ඒ චීන ක්‍රීඩිකා යූ ඩෑන් විසිණි. මහජන චීන සමූහාණ්ඩු‍ව කොමියුනිස්ට් පාලනයක් හොබවන අතර ක්‍රීඩාව සඳහා අනෙකුත් රටවල නොමැති පරිදි ඉහළම පහසුකම් ලබාදෙන බව ප්‍රකට කරුණකි. එම ඉසව්වේ රිදී පදකක්ම පෝලන්තයේ සිල්වියා බොගාකා විසින් දිනා ගනු ලැබිණි.

No comments:

Post a Comment