Saturday, 28 July 2012
ජපානයට කිරුළක් අහමි වෙයි
වසර 25ක් තිස්සේ ජපන් කාන්තාව සතුව තිබූ දීර්ඝායුෂ වැළදීමේ කිරුළ ඇයගෙන් ගිලිහී ගොස් තිබේ.
ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, පසුගිය මාර්තු මාසයේ රටම ඛේදවාචකයකට ඇද දැමූ සුනාමිය ද මීට හේතුවන්නට ඇති බවයි.
2010 වසරේදී ජපන් කාන්තාවගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 86ක පමණ පැවති අතර මේ වන විට එය 85 දක්වා පහත වැටී තිබේ.
එහෙත් නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ, හොංකොං කාන්තාවගේ අපේක්ෂිත ආයු කාලය මේ මට්ටම ඉක්මවා ඇති බවයි.
වසර 25ක පමණ කාලයක් ජපන් කාන්තාව ලොව වැඩිම ආයු කාලයක් දිවි ගෙවීමට ප්‍රධාන වශයෙන් හේතුවූයේ, ඔවුන්ගේ සාම්ප්‍රදායික ආහාර රටාව බව ද සැලකෙයි.
ඒ අතර මීට සමගාමීව ජපාන පිරිමියාගේ අපේක්ෂිත ආයු කාලයද පහත වැටී තිබේ.
ජපන් වාර්තා පවසන්නේ, 2010 වසරේදී අපේක්ෂිත ආයු කාලය අනුව සිව්වන ස්ථානයේ පසු වූ ජපන් පිරිමියා මේ වනවිට 8 වන ස්ථානය දක්වා පසුබැස ඇති බවයි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment